පුනරුක්තිය පුස්සක්
අනෝමා ජනාදරී, පුරුෂාධිපත්වය පර සක්වලේ ගසන්නට ,පත්තිනිය ලෙස පඩි රට ගිනි ගන්වන්නට වම් පියවුර කඩා ගසන්නට සැරසුන ද, ඇය ලියා ඇත්තේ සම්ප්‍රදායික හා ගතානුගතික, එඩ්වඩ් මල්ලිමාරචිචි, සුජීව ප්‍රසන්න ආරචිචි ශෛලියේ කථාවකි.
පුරුෂයන් විසින් ලියැවෙන කතාවකදී ට වඩා සාධාරණක් කාන්තාවක් විසින් ලියැවුන කතාවක කාන්තාවකට ඉටුවෙනුදැකීමට හැකිවෙතැයි අපේක්ෂා කරන අතර එය වඩාත් නිර්භීත අඛ්‍යානයක් වනු ඇතැයි ද අනෝමාගේ කියුම් ඇසු අපි උපකල්පනය කළෙමු.ඉන්දියානු කමලා සුරෙයියා,අරුන්දතී රෝයි, ඇෆ්ගනිස්ථානු තස්ලිමා නස්රින් අතරට ලාංකීය අනෝමා ජනාදරී එක්වී කතාවක පුරුෂයන් කියන්නට නොදන්නා,එසේ නැතිනම් කියන්නට බිය,කියන්නට මැළි කාන්තා කතාව ලියනු ඇතැයි සිතුවෙමු.
නමුත් ‘පුනරුක්තිය’ කියවූ විට ඒ අදහස් ,අපේක්ෂා සියල්ල සුන්වී ගියේය.ජනාදරීගේ ‘පුනරුක්තිය’ තුළ ලියැවී ඇති කතාව ඔනෑම සිල්ලර නවකතාවක දැකිය හැකි වූ අන්තර්ගතයක් ෙව්.
බලන්න,අනෝමා පවසන ‘පුනරුක්තිය’ තුළ ඇත්තේසත්‍ය චරිතයැයි යන උද්ධෘතය අමතක කළ විට දැකිය හැකි අපූර්වත්වය කුමක් දැයි සොයා ගත හැකි ද?
අනෝමාට ඥාති සබදකම් ඇතැයි කියන ඒ චරිත (අම්මා,තාත්තා,බාප්පා,පුංචි මාමා) දිග හරිමින්ඇය අර්ථ දක්වන මහා ලිංගික සන්තෑසියක් අපට නම් නොපෙනේ.ඇයකොළඔ විශ්ව විද්්‍යාලීය ආයතනගත අධ්‍යාපනයක් ලැබුවේ යැයි කියන නමුදුඅපට අනෝමා පෙනෙන්නේ සිගීරි අප්සරාවන්ට බොස්තොරොක්ක අැන්දවීමට තැත් කරන එසේ නැතිනම් විසි එක්වැනි සියවසේ දී කෙල්ලන්ට මිනිගවුම් තහනම් කිරීමට තැත් කරන ව්‍යාජ,කුහක සුචරිතවාදීනියක් ලෙසය.
අනෝමා,සිය රංගනයෙන් ඔපවත් කරගත්තාවූ ස්ත්‍රී පෞරුෂය පවා “පුනරුක්තිය” තුළ දී කිසිදු ලෝභ කමක් නැතිව පාවාදෙයි.
බලන්න ඇයගේ කතාවේ climax එක ලෙස හැදිනිය හැකි විශ්ව විද්‍යාලය තුළදී ඇයට ඇයගේ පියා මුණ ගැසෙන අවස්ථාවේ ඇය තම දෘෂ්ඨිය ,තමා ස්ත්‍රීත්වය පිළිබද දක්වන ආකල්පය කොතරම් රැඩිකල් ද කියා.
“තාත්තා දැන් යන්න…….. මං කොහේ හිටියත් විශ්ව විද්‍යාලයට එනවා……මාව බලන්න ඕනේ නං මෙහේට ඇවිත් මාව හම්බ වෙන්න.අම්මා මොන තරම් වෙනස්කම් කළත් කළත් කුඩා කාලේ ඉදන් මට අම්මා මතුරපු දෙයක් මං අදටත් රකිනවා කියලා තාත්තා අම්මාටත් ගිහින් කියන්න…….”ගෑණියෙකුගේ වටිනාකම තියෙන්නේ ඒ ගෑණිගේ පතිවෘතාවේ. ඒ හින් දා මොනම හේතුවක් නිසාවත් ඒක නැතිකරගන්න එපා ,කසාද බදින කං………. බැරි වෙලා හරි ඒක නැති වුනොත් ආකාසෙටයි,වදාපු අම්මාටයි නිවනක් නැතිවෙයි” අදටත් අම්මාගේ ඔය උපදේසේ මං රකිනවා,අම්මායි ,තාත්තායි මට මොනවා කළත්……..” (පිටුව 177)
ඉදින් මේ මහා පෞරුෂයක් ඇතැයි කියන ගැහැණිය මුවා වී රැකවරණයක් පතන්නේ කුමකින් ද ?විප්ලවීය අයෝමය ස්ත්‍රී ආත්මයකින්ද?නැත.ස්ත්‍රීත්වය හැම දා පීඩාවට ලක් කළ හේනේ නැන්දාගේ රෙදි කඩමාල්ලෙනි.
ඉතින් මම මගේ ලිපිය අවසන් කිරීමට මගේ පළමු පරිච්ජේදය නැවත උපුටා දක්වමි.
අනෝමා ජනාදරී ලියා ඇත්තේ සම්ප්‍රදායික හා ගතානුගතික, එඩ්වඩ් මල්ලිමාරචිචි, සුජීව ප්‍රසන්න ආරචිචි ශෛලියේ කථාවකි.
