අනේ වාසනාවන් අපෙ මැති ඇමතිවරු….!

                (බ්‍රෙෂ්ට්ගේ කවියට ඌණ පූරණයකි)

(තැන නොතැන නොබලා ඒක සැබැයි……. !ඒක සැබැයි……. ! යන අත්වැල් ගායනය  “හිස්  මාස්ටර් වොයිස් සම්බාවය කලාකරු සංසදය” මගිනි)

ගැ‍ලපෙන ගරුතර ඇමති මණ්ඩලයක් අපිටම

ඇත ලැබී ඒ ගැන සතුටු විය යුතුය බො‍හෝ

අනේ වාසනාවන් ලක් මවුන් ගරු

අපි සහ ඒ උතුමන් ලැබූ

                 ඒක සැබැයි……. !ඒක සැබැයි……. !

බලන්න තෙල් ඇමති

කොතරම් අහිංසකයෙක් ද ඔහු

තෙල් කියා වෙන මොනවාද කුණුගොඩක්

ගෙනාපු සිද්දිය ගැන මොකුත් දන්නේ නැහැ එතුමන් (අම්මපයි එතුමගේ)

                ඒක සැබැයි……. !ඒක සැබැයි……. !

කටේ නරි වාදං(සිල්) රෙද්ද පල්ලෙන් බේරේ

කියන උපහැරණය නොගැලපේ අප විදුලි ඇමතිට

ලාබයි ලාබයි කියා හඩ තළ තළ විදුලි බිළ වැඩිකර

දැන් පාඩු ලබන්නේ නිසාවෙනි දයස්පෝරාව දමිළ

            ඒක සැබැයි……. !ඒක සැබැයි……. !

බෙහෙත් නැත ඉස්පිටිතා‍ලේ දොස්තර චැනලින් දිය කෙළියේ

ලෙඩ්ඩු සනීප වෙති එක්කෝ මැරෙති කළ පින් අනුව පෙර

ලෙ‍ඩාට දඩ ගසයි බෝවෙන වසංගතයට පිළියම දඩ කෙළිය

පය බරවයට පිටිකර බැන්දේ බෙහෙත ඒකයි හරි විදිය

            ඒක සැබැයි……. !ඒක සැබැයි……. !

සගිස්කුරුත ඇමති අප පින්බර පුරස‍දේ

ඇග පුරාම සගිස්කුරු‍තේ

දණිහෙන් උඩ බලලා නැත කතකගේ තම බිරිදගේ විතර

එහෙනං බලන්නට වටිනවද ඔහෙලා අපිට?

         ඒක සැබැයි……. !ඒක සැබැයි……. !

සිටිනා නිසා ඇමති උතුමෙක් පොල්

වාරයට මිළ අඩුවේ, අවාරයට හිගවේඃමිළ වැඩිවේ

නැතිනම්  කියන්නේ ඔහෙලා පොල්

වාරෙට  වැඩිකරන්නද   අඩුකර දෙන්නද අවාරෙට ?

        ඒක සැබැයි……. !ඒක සැබැයි……. !

හරි හම්බ කරගෙන පුද්ගලික අද්යාපන කඩයෙන්

ඒ පිහිටෙන් ඇවිදින් දෙස් පාලනයට

වලිකන තනන්නට ආදුරුසමත්  ගුරුවරු , නග්ගන්නට අල්ලා අදියාපනය

මෙවන් ඇමතිවරු බෝසත් තව  ලොව වෙන කොයින් දෝ!

      ඒක සැබැයි……. !ඒක සැබැයි……. !

පමණක් බැලු නිසා සරසවි මා දෙස ඇස්  කොණකින්

මගේ දැනුම මදි වනන‍ට මුළු මණ්ඩලය

එහෙයින් වනා අතලොස්සක් ගැන විතර

නොවනා ‍ඉදිමි අනෙකුත් සියයක් පමණ !

Published in: on 2011 ජූලි 18 at ප.ව. 5:26  ප්‍රතිචාරයක් ලබාදෙන්න  
%d bloggers like this: