අතිශය සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න කිහිපයක්………….


ප්‍රශ්න අංක 1

සුවවී නැවත දිවයිනට පෙරළා පැමිණෙන දුමින්ද මන්ත්‍රීතුමාට පළමුව හිමිවන නියෝජ්‍යඇමති ධුරයත් දෙවනුව ලැබෙන ඇමති ධුරයත් නම් කරන්න.

ප්‍රශ්න අංක 2

විශ්‍රාම වයස ඉක්මවා ගියද සේවා දිගුවන් ලැබ දිගින් දිගටම සේවය කරන විභාග කොමසාරිස්  තුමාට කවදා හෝ විශ්‍රාම ගියවිට ලැබෙන ජනාධිපති ‍ඡ්‍යෙෂ්ඨ උපදේශක ධුරය කුමක්ද?

ප්‍රශ්න අංක 3 

සරත් නන්ද සිල්වා හිටපු අග්‍රවිනිශ්චකාරවරයා සේවයකරමින් සිටි අවධියේ බුද්ධිමතුන්, වෘත්තිකයන් හා සිවිල් පුරවැසියන්ගේ බලවත් ඉල්ලීම තඔයක‍ට මායිම් නොකර හමස් පෙට්ටියට විසි කළ එතුමාට එරෙහි දෝශාභියෝගය ඒ මහතා පැන්ෂන් ගිය මෙකල හිටිහැටියේ  විභාග කිරීමට තැත් කිරීම‍ට ගැලපෙන සිංහල ප්‍රස්ථා පිරුල කුමක්ද?

ප්‍රශ්න අංක 4

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන දින විට ලංකාවේ එක්සත් ජාතික පාක්ෂිකයන් ගණන කීයක් වේද?

ප්‍රශ්න අංක 5(බහුවරණ ප්‍රශ්ණයකි)

ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍යවේදීන්ගේ ලිවීමේ නිදහසේ දිග කොපමණද?

1.අනෙකාගේ නාසය තෙක් හැරමිටියේ දිගය

2.උලා කෑ හැකි තෙක් ගෙල බැදි කඔයේ දිගය

3.අනන්තය

4.මේ කිසිවක් නොවේ

Published in: on 2011 නොවැම්බර් 11 at පෙ.ව. 7:32  Comments (2)  
%d bloggers like this: