කාදිනල් තුමාට නිමොලර් දුටු යකා හමුවීම

පසුගිය දා කතෝලික සභාවේ අති උතුම් කාදිනල් හිමිපාණන්ට මාටින් නිමොලර් පූජක තුමන් සිහිවන්නට ඇති බවක් පෙනේ.එය විශේෂයෙන් කැපී පෙනෙන කාරණයක් වූයේඒ ආසන්න දිනවලම  ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය උදෙසා පැවති  භික්ෂු වහන්සේලාගේ ජන්දයේදී මහා සංඝයා වහන්සේලාටත් මාටින් නිමොලර් සිහිවන්නට ඇති බැව් පෙනී යාමයි.

දෙමළ මිනිසා  උතුරේ දී යකා දැක මොර දෙන විට ඒ අය ‍‍යකාට බුදුසරණයි ‍කීවෝය.විරැකියාවෙන් පීඩිත උගත්  සිංහල ගැමි තරුණයන් යකා විසින් බිල්ලට ගන්නා විට ඔවුහු යකාට චියර් කළෝය. ඉන්පසු යකා උගේ හොරි කැසූ රූපවාහිනියේ කට්ටිය ද ලේක්හවුස් පත්තරකාරයන් ද බිල්ලට ගෙන යන විට  යකාට ටටා කීවෝය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ, ජේවීපි එකේ,යුඇන්පී එකේ එවුන් කන කොට ගාණක් නැතිව සිටියෝය,(එනමුදු කොළොන්නාවේ දී සබ්බුව වදින විට ශ්‍රී ලංකා කාරයන්ටද  ඉබේ කෙදිරි ගෑවිණි).සමෟධි නියාමකයෝ,වෙබ්කාරයෝ,මානව හිමිකම්කාරයෝ, පාතාලයෝ, හිගන්නෝ,ගණිකාවෝ,සමලිංගිකයෝ ආදී  එකී මෙකී නොකී එවුන් සියළුම උන් යකා කා දමන තෙක්    මීක්  නැතිව මෙතුමන් ලා  සිටියෝය.

දුක හිතෙන කාරණයක් වුව, දැන් එතුමන්ලාගේ වාරයද එළඔ ඇත.

Published in: on 2011 දෙසැම්බර් 15 at ප.ව. 2:50  ප්‍රතිචාරයක් ලබාදෙන්න  
%d bloggers like this: