
ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ අයිතිකරුවන් පසුගිය සති කිහිපය තුළ දී එළෙඔන්නට තිබූ මහා තර්ජන දෙකකින් බුද්ධාගම බේරා ගන්නට සමත් වී ඇත.එකක් නම් දෙමළ මුදලාලිලා (මොවුන් කොටි විය හැකිය) විකුණන කාන්තා පශ්චාත් භාගය ස්පර්ශ වන ප්‍රදේශයේ බුදු හිසකට සමාන රූපයක් මුද්‍රිත සාරි සොයාගැනීමයි.මෙය නියත වශයෙන් බුදු හිසක් යැයි දැකිය නොහැකි බව සමහර චිත්‍ර කලා පණ්ඩිතයින් කියනා බැවින් උන් ද කොටි ඒජන්තයෝය.
අනෙක නම් ස්ත්‍රී පයෝධර ගෑවෙන උඩුකය සරුවාලයක දළදා මාළිගාවේ පින්තූරය අච්චු ගසා තිබෙනු අල්ලා ගැනීමයි.
බලු මුත්‍රා,මඩ ,කුණු වතුරෙන් නැහැවෙන -දුවිල්ලෙන් අපිරිසිදු වන-දොට්ට යන්න තැනක් හරි හමන් තැනක් නොලැබුණහොත් අපේ උපාසක මහත්වරුත් තම සුළු දිය පහරෙන් නහවන බස් රථයක පස්සා පැත්තේ දළදා මාළිගය පින්තාරු කර තිබෙන බැව් w3 lanka බ්ලොග් අඩවියේ සදහන් කර තිබුණද,
මස් කඩේ,මාළු ලෑල්ලේ ,ගණිකා මඩමේ,හිගන්නාගේ ඔඩොක්කුවේ ද,ඇතැමුන් දෙපරැන්ද අස්සේද ,කටේ,ඉනේ ,කනේ පමණක් නොව ප්‍රජනක ඉන්ද්රියයන් හා ගැටි ගැටී යට ඇදුම අස්සේ ද සමහරවිට ගුද මාර්ගයේ ද ගසා ගෙන යන්නාවූ සල්ලි කොළ වල ද දළදා මාළිගයේ පින්තූරය අච්චු ගසා තිබේ යැයි radicaladahas බ්ලොග් අඩවියේ පෙන්නා දී තිබුණද,
ඒවා අරක වගේ නොව බුද්ධාලම්භන ප්‍රීතියෙන් කළ පින් අතේ වැඩය.
එපමණක් නොව මෙයින් රාජ්‍ය ආදායමක් ලැබෙන පොටක් ද පාදා ගත හැකිය.එනම් ඒ උතුම් රූප සහිත සල්ලි කොළ දෙතන අස්සේ ගසා ගන්නා ගෑණු පරිසර පොලීසියෙන් අල්ලා දඩ ගැසීමෙනි.
එසේම සොළොස් මස්ථාන,කදු,යටි පතුල්,පාත්තර,කොත් ,සීනු,වටාපත,මුඩු හිස,බෝ ගස,අඔ ගස,බෝ කොළ,ගරාදි අටකින් යුත් රෝද,සදකඩ පහන,කූට්ටම් පොකුණ ,පුස්කොල පොත,පඩික්කම යනාදි සංකේත කාන්තා ඇදුමකට යොදා ගැනීම සදහටම තහනම් කරන නව නීති පැණවිය යුතුය.
මක්නිසාද යත් මාතුගාමයෝ නම් පවිටු පුද්ගලයෝ යැයි ජාතක කතා පොතේ ද සදහන් වී තිබෙන නිසා මිස වෙන දෙයක් නිසා නොවේ.
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...