ලැජ්ජා නැතිකම,රාජ්‍ය පරිපාලන ඇමතිකමටත්,මහ ලේකම් කමටත් වඩා ලොකු ය!

අපරාධ හා දුෂණ චෝදනා ඇති තම පක්ෂයේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැති ඇමතිවරුන්ගේ තොරතුරු තමා වෙත එවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා පොලිස්පති තුමා‍ගෙන් ඉල්ලීමක් කර ඇත.කහවත්ත මිනීමැරුමත් සමග පැන නැගුණු මහජන විරෝධය පසුබිමේ ගත් මෙකී පියවර මගින් ඇගවීමට උත්සාහකරනුයේ එම මිනීමරු,අපරාධකාර,දූෂිත දේශපාලකයන් දේශපාලනයෙන් අතු ගා දැමීමට යනු බවයි.

 මොවුන් අපරාධකරුවන් වූයේ දේශපාලනයට පැමිණි පසුවද?මෙම තක්කඩියන් අපරාධකරුවන් වන්නේ ජන්දය දිනීමෙන් පසුව ද?

නමුත් සියළු  දෙනා දන්නා සත්‍යය වන්නේ අපරාධකාරයන් ,අයි ආර් සී කාරයන්, දූෂිතයින් දේශපාලනයට කැදවා ගැනීමෙන් පසු දැලි පිහි ලැබූ වදුරන් සේ දේශපාලන බලයද යොදාගනිමින් අපරාධ වඩාත් තීව්‍ර ආකාරයෙන් කරනා බවයි .අපරාධ වල නියැලෙන මැති ඇමතිවරුන් දූෂිත අතීතයක් හා ඉතා නරක පොලිස් සහතික ඇත්තවුන් බවයි.

ඉදින් මේ උදවියට නාම යෝජනා ලබා දෙමින්,තම පක්ෂ අපේක්ෂකත්වයත් ලබා දෙමින් හිරගෙයි හෝ පෝරකයේ සිටිය යුතු මේ පාතාලයන්ට දේශපාලන වරම් ලබාදුන්නේ පොලීසියෙන් ද?

මේ සමගින් හිතේ බුර බුරා පැන නැගෙන තවත් ගැටළුවක් වන්නේ මේ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරු ගිලිහි තිබෙන්නේ මක්නිසාද යන්නය.

පාර්ලිමේන්තුවේ අපරාධකරුවන් ඇත්තේම නැත් ද?

Published in: on 2012 මාර්තු 23 at ප.ව. 2:58  Comments (1)  
%d bloggers like this: