අපේ වලා, අපට හොදා

මෙරට ආණ්ඩුවේ කන්තෝරුවක, ගුරුවිවේකාගාරයක, කන්තෝරු කෝච්චියක,බස් නැවතුම් පොළක, මළ ගෙදරක, මගුල් ගෙදරක,බණ පොළක, පිරිත් පොළක හෝ ඕනෑම ‍පෝළිමක යනාදි පිරිසක් එක් රැස්වන ඕනෑම  ස්ථානයකදී  නූතන දේශපාලඥයින් හා ඔවුන්ගේ දේශපාලනය ගැන කර්කශ විවේච‍නයක් ,බැණ අඩගැසීමක්,දෙස් දෙවොල් තිබීමක් නොඇසේ නම් එදායින් පසු ඉර අනිත් පැත්තෙන් පායනු ඇත.

ඒකියනා ආකාරයට ඒ තරමට ඔවුන් දුෂ්ඨය; දුෂිතය;අමනය.

නමුත් එම මහජනතාව හැසිරෙන ආකාරය දෙස බලනා විට ඔවුන්ගේ විවේචන සත්‍ය නම් ඔවුන්ට ලැබී ඇත්තේ ඔවුන්ටම ගැලපෙන පාලකයෝය.

අහෝ !දොස්තර එස් .ඒ.වික්‍රමසිංහ වැනි යුග  පුරුෂයන් විසින් දීන බවින් ,පීඩනයෙන් මුදවා ගත් ජනතාවකට ගිය කල !

Advertisements
Published in: on 2012 ජූලි 26 at ප.ව. 3:25  Comments (1)  

බාල අපචාර සිදුවීම් ගහණය ගැන ශ්‍රී ලාංකික විද්වත් මත

ළමුන් දුෂණය වන්නේ අම්මලාගෙ වැරැද්දෙන්…….

(ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක)

වැරැද්ද බාගෙට කාලෙට ඇදගත් තරුණියන්ගෙයි……….

(මහජන සම්බන්ධතා හා උප‍යෝගිතා අමාත්‍ය)

චිත්‍රපටය,රූපවාහිනිය,අන්තර්ජාලය හා ජංගම දුරකතනය ජනතාවගේ සිත් නපුරට හා අවිනීතකමට  පොළඔවනවා

(මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන්)

මේ කාලේ ළමා අපචාර වැඩිවෙලා නෙමෙයි ,ඒවා රිපෝට් කිරීමයි වැඩිවෙලා තියෙන්නේ.ඒක වුනේ 1929 අංකය නිසයි.

(ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතීනි)

දේශපාලඥයින් මෝඩයෝ.මම මෝඩයෙක් නෙමෙයි.මම ඉක්මනින් නිදහස් වී ජනතාව අතරට එනවා

(අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති)

Published in: on 2012 ජූලි 17 at ප.ව. 3:20  Comments (4)  
%d bloggers like this: