බාල අපචාර සිදුවීම් ගහණය ගැන ශ්‍රී ලාංකික විද්වත් මත

ළමුන් දුෂණය වන්නේ අම්මලාගෙ වැරැද්දෙන්…….

(ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක)

වැරැද්ද බාගෙට කාලෙට ඇදගත් තරුණියන්ගෙයි……….

(මහජන සම්බන්ධතා හා උප‍යෝගිතා අමාත්‍ය)

චිත්‍රපටය,රූපවාහිනිය,අන්තර්ජාලය හා ජංගම දුරකතනය ජනතාවගේ සිත් නපුරට හා අවිනීතකමට  පොළඔවනවා

(මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන්)

මේ කාලේ ළමා අපචාර වැඩිවෙලා නෙමෙයි ,ඒවා රිපෝට් කිරීමයි වැඩිවෙලා තියෙන්නේ.ඒක වුනේ 1929 අංකය නිසයි.

(ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතීනි)

දේශපාලඥයින් මෝඩයෝ.මම මෝඩයෙක් නෙමෙයි.මම ඉක්මනින් නිදහස් වී ජනතාව අතරට එනවා

(අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති)

Advertisements
Published in: on 2012 ජූලි 17 at ප.ව. 3:20  Comments (4)  

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2012/07/17/%e0%b6%b6%e0%b7%8f%e0%b6%bd-%e0%b6%85%e0%b6%b4%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%84%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9c/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාර 4ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. එළ එළ…..
    දැන් තේරුණා හේතුව.

    කැමතියි

  2. කොහෙද අපි වගේ මැට්ටන්ට මේ වගේ වැදගත් කාරණා කරුණු‍ තේරෙන එකක්යැ.

    කැමතියි

  3. අධම ස්ත්‍රීන්ගේ පාදචාරිකාවකුත් slut walk සංවිධානය වෙලැයි කියන්නෙ, NGO එකකින්.

    මම නම් කැමතියි පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක එක්ක එකඟ වෙන්න පොඩි සංශෝධනයකුත් එක්ක හැබැයි, අම්මලාගේ විතරක් කියන්නෙ නැතිව අම්මලාගේ තාත්තලාගේ නැත්නම් දෙමව්පියන්ගෙ වැරැද්දෙන් කියලා ලිව්වොත්.

    කැමතියි

  4. ලංකාවේ ළමා අපයෝජන වැඩිවෙන්න හේතුව හොයන්න නම් ඒ ළමා අපයෝජන පැමිණිලි සියල්ලම එකින් එක විශ්ලේෂණය කරලා වර්ගීකරණය කරන්නන ඕනේ. ඒවා කරන්න මට නම් බලතල නැහැ. බල තල ඇති ඇත්තෝ එහෙම කරලා වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පියවර නොගැනීම ආණ්ඩුවේ වරද. ආණ්ඩුවේ වරද වහගන්න පොලිසිය, ළමා ආරක්ෂක අදිකාරිය, දේශපාලකයෝ, පුජකයෝ ජනතාවට වරද පටවනවා. එක එක මනගස්ගාත ප්රකාශ වලින් (මෙම නුලේ/පොස්ට් එකේ උඩින්ම තියෙන්නේ ) ආණ්ඩුවෙ වගකීම මගහරින්න හදන්නේ. වරද කරුවන් හිරේ දමන එක නෙවයි විසදුම. මෙවැනි ජාතික ප්‍රශ්නයකදී සන්ක්යාත්මක මෙන්ම ගුණාත්මක විශ්ලේෂණයක් කරන්න රජය පියවර අරගෙන නැහැ. ඒක ආණ්ඩුවේ වරද. මෙවැනි අපචාර දත්ත ඉව්ශ්ලේෂණය කරන්න ඕනේ පොලිසියේ ක්ලාක් නෝනා නෙවයි. විද්‍යාඥයන්: මනොවිද්ඥයන්, සමාජ-විද්‍යාඥයන්, අපරාධ පිලිපද මහාචාර්යවරු, සහ ලිංගිකත්වය පිළිබද මහාචාර්යවරු. විදේශීය දැනුමත්/උපදේශකයනුත් සහබාගි කරව ගන්න වනම් දිගුකාලින විසදුම් සොයන්න පිළුවන්. නැතිනම් ප්‍රශ්නයට ලැබන්නේ පැලැස්තර විසදුම් . ලංකාව පුංචි දිවයිනක් උනාට එකේ ජිවත් වෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ලෝක ප්‍රවනතාත් (නව ජිවන රටා, බටහිර සංස්කෘතික අභාෂ , තාක්ෂනය, විලාසිතා, ජනමාධ්‍ය, අන්තර්ජාලය වගේම මිනිස් අයිතිවාසිකම්) හේතු සහගත වෙනවා. ඒකයි විදේශ උපදේශ ආයතන ලංකාවේ ප්‍රශ්නවලට විසදුම් හොයන්න දායක කරගන්න ඕනේ. ජනපති මහින්ද රාජපක්ෂ ගේ මහින්ද චින්තනය ප්‍රතිපත්තියේ සදහන් වෙනවා ළමා/කාන්තා අයිතවාසිකම් අරක්ශාකිරීමේ ප්‍රතිපත්තියක්. එනිසා ජනපති මහින්ද රාජපක්සට පුද්ගලික වගකිමක් තියෙනවා කොමිසමක් පත් කරලා මේ සියලුම ළමා/කාන්තා ලිංගික අපචාර වල ඇතුලාන්තය විශ්ලේනය කරලා (වරදකරු ගේ මෙන්ම පැමිලි කරු ගේ පසුබිම් කතන්දර) වර්ගීකරණය කරලා, සමාජයේ තරුණ තරුණියන්ගේත් අදහසුත් උපයෝගී කරගෙන මෙවනි අපචාර අනාගතයේ වලක්වා ගැනීමට පිළියම් සෙවීම. ( සමහර විට ඔවුන් අනාගතයේ වෙන්න තියෙන ලිංගික අපචාරවල කොටස්කරුවන් විය හැකියි. නැතිනම් අතීතයේ වාර්තා නොවූ අපචාර වල කොටස්කරුවන් වියහැකියි ) ඒ නිසා ලිංගික අපචාර වලට හේතු කාරනා උන දේවල් ජනතාවට හෙළි දරවු කරන්න රජය අපක්ෂ පැති කොමිසමක පත් කරන්න ඕනේ. ජනතාව දැනුවත් කරන්න ඕනේ නීති දාන්න ඉස්සෙල්ල. නැතිව හිස්බුල්ල ඇමතිතුම එක රැයකින් ඉස්ලාම් මුලධර්මවාදී නීති (ෂරිය නීති) පනවල අපචාර නවත්වන්න හිතනවානම් හිස්බුල්ල ඇමතිය විහිළුකාරයෙක් . මේ ලිංගික අපචාර වලට හේතු විශ්ව කිව්වා හේතු හතරට අමතරව ලිංගික පීඩනයත් අයත් වෙනවා (තරුණයන්ගේ ලිංගික ක්‍රියාකාරකම් සිමා කිරීම) [විශ්ව: There are four types of rapists: 1) Deviant sexual arousal, thoughts of violence against women. 2) Cognitive distortions, or thinking error 3) Anger or emotional discontrol 4) Having been physically or sexually abused as a child. Difficulty establishing enduring relationships.] ජනතාවගේ ලිංගික අයිතීන් ආගම්, සංස්කෘතින මගින් පිඩනයට පත් නොකර එම අයිතීන් ගෞව්රවාන්විතව රැකෙන විදියට පිළියම් දීම රජයේ වගකීම.

    කැමතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: