

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දැක්ම
ගාල්ල රිච්මන්ඩ්,මහින්ද හා ශාන්ත ඇලෝසියස් වැනි පාසල් වරප්රසාදිත පවුල් වල පිරිමි ළමුන්ට සීමා වන විට ගාල්ල හා ඒ තදාසන්න ප්‍රදේශ වල අවවරප්රසාදිත පවුල් වල නගරයේ ජනප්‍රිය පාසලකට තම දරුවා යැවීම නැමති fපැන්ටසිය තුළ වූ සැනසීම විද්‍යාලෝකය මහා විද්‍යාලය විය.
පිටුපසින් ගාල්ලේ කුප්‍රකට චීන කොරටුවට මායිම්ව පිහිටි මෙම විද්‍යාතනයෙහි ඉදිරියේ මෑතක් වන තුරුම සරසවි සිනමා ශාලාව වොරැදෙමින් තිබූ අතර සිනමාව ජනප්‍රියම හා දැවැන්තම විනෝදාත්මක මාධ්‍යය වූ එකල අඩ නිරුවත් රෑ රැගත් මහා කටවුට් මේ සිසුවන්ගේ ඇසේ උලමින් ප්‍රදර්ශණය වෙමින් පැවති අතර එහි වම්පස මායිමේ තවමත් ඇති ක්වීන්ස් සිනමා හළේ (මා දන්නා තරමට මෙහි හිමිකරු ප්‍රබල දේශපාලඥයෙකි)ප්‍රදර්ශණය වන චිත්‍රපටයක මැටිනි ෂෝ එකේ ලිංගික දර්ශනයක නිළියක සුරාන්තයට ලංව වියරුවෙන් මෙන් කෙදිරිගාන්නා හඩ මනස් සිතුවම් මවමින් ඒ අසල දෙමහල් ශාලාවේ දරුවන්ගේ දෙසවන් තුළට නිරායාසයෙන් ඇතුල් වේ.
පසුගිය ඔක්තෝම්බර් පළමු දින,ලෝක ළමා දින කුපිත කරවන ලද්දේ වඩා පහසුවෙන් කුපිත කරවිය හැකි තරුණ දරුවන් පිරිසකි.මෙම අවවරප්රසාදිත දෙමාපියන්ගේ ජන්ද දෙස කෙළ හළමින් ඔවුන්ට සත්‍යය පහදා නොදෙමින් හැගීම් පමණක්ම කුප්පාලමින් ඔවුහු එවැනි වගකීම් විරහිත ත්‍රස්ත ක්‍රියාමාර්ගයකට යොමු කළෝ නම් ඒ ප්‍රාදේශීය දේශපාලඥයෝය.( විද්‍යාලෝක සිදුවීමත් සමග ඔවුහු ජනමාධ්‍ය ඔස්සේ පරලව හඩ තැලූහ.)
කෙටියෙන් පවසන්නේනම් තවත් තැනකට පූර්වාදර්ශයක් විය හැකි(ළමුන්ගේ හැටි එසේය)ළමා සිත් දූෂණය කළාවූ මේ හැසිරීමට ළමුන්ට නොව ඒ දේශපාලඥයින්ට දඩුවම් ලබා දිය යුතුය.
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...