

ඉංග්‍රීසියෙන් autobiography වශයෙන් හදුන්වන ස්වයං චරිතාපදාන වූ කලී සාහිත්‍යයේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නාවූ ලේඛන විශේෂයකි.
විශ්ව සාහිත්‍යය විමසා බැලුවහොත් සාහිත්‍යය නම් මහා ධන නිධානයේ මිණි කැට වන් ස්වයං චරිතාපදානයන් බැබලෙමින් තිබෙනු දැකිය හැක.ලියෝ තෝල්ස්තෝයිගේ ” My Confession”,හෙලන් කෙලර් ලියු “The Story of My Life”,මහත්මා ගාන්ධිගේ “The Story of My Experiments with Truth” ,කමලා දාස්ගේ “My Story”මෙන්ම සිංහල පාඨකයන් අතර ඉතා ජනප්‍රිය පොත් කිහිපයක් වූ මැක්සිම් ගෝර්කිගේ “මගේ ළමාවිය”, “මගේ යොවුන් විය” හා” මගේ සරසවි” යන තුන් ඈදුණු පොත් පෙළ,වාරිස් ඩයිරිගේ “කාන්තාරයේ කුසුම” ,මොහොමඩ් අලීගේ “ශ්‍රේෂ්ඨයා”යන පොත් ද ඒ සාහිත්‍ය මිණි පහන් අතරෙන් කිහිපයකි.එසේම අප සිංහල සාහිත්‍ය ද එබදු ශ්‍රේෂ්ඨ ස්වයංචරිතාපදානයන්ගෙන් පොහොසත්ය .මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “උපන්දා සිට”,කේ.ජයතිලකයන්ගේ “පුංචි පැලේ ගසවෙනා”,එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ “පිං ඇති සරසවි වරමක් දෙන්නේ”ගුණදාස ලියනගේ ලියූ “දිවලකඩ ගුණදාස” එම ග්‍රන්ථ රත්නයන් කිහිපයකි.
කෙසේ වුවද හදිසියේම ස්වයංචරිතාපදානයන් ගැන ලියන්නට හේතු වූයේ සාහිත්‍යය මතක් වූ නිසා නොව මේ දිනවල විද්‍යුත් මාධ්‍ය මෙන්ම,ලිඛිත මාධ්‍ය ඔස්සේද මහත් ගෝෂාවක් නංවමින් එළි දක්වන ලද එබන්දක් දැකීමෙනි.ඒ පුස්තකය නම් ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල ලියූ “ලක්ෂ්මන්”, ඔහු මව් බිමට තම යුතුකම් ඉටු කළේය “වන්නේය.
මේ අනුව නුදුරු අනාගතයේ අපට දැකිය හැකි තවත් ස්වයංචරිතාපදානයන් කිහිපයක් මෙසේ විය හැකි යැයි සිතේ.
“වීරවංශ , ඔහු නැත්නම් මව්බිම නැත”
“මර්වින්,ඔහු නැතිනම් අප නැත”
“හඩ්සන්,ඔහුගේ දිව සුන්දර විය”
“අබේසුන්දර ,ඔහු අදීන ලේඛකයෙකු විය”
“මහින්ද,මහින්ද,ඔබඅධිකරණයේ කන්‍යාභාවය රැක දුන්නේය”(මහින්ද කහදගමගේ ලියූ)
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...