මැස්සා එළවූ වඳුරා හා තවත් කථා

download

Chiffon scarf snood

AD201010707069986AR

 මූලිකවම මගේ සිතේ බුර බුරා නැගෙනපැණය නම් ‍බෞද්ධ භික්ෂුවකට ජාතියක් තිබිය හැකිද යන වගයි.මා දන්නා බණ දහමේ තරමට නම් එසේ තිබිය නොහැක.

වන්නාටය, එතැනදී අප දන්නා තරම යැයි  සිතමු,නමුත් කවර තරමේ ජාතියක භික්ෂුවක‍ට වුවද තවත් ජාතියක‍ට හිංසා කළ හැකිද? හෙළා තළා කථා කළ හැකිද? අභියෝග කළ හැකිද?කෙ‍ටියෙන්   ඇසුවොත් තවත් ජාතියක සිරිත් විරිත් ,ආගමික සම්ප්‍රදායන් විවේචනයට ,වෙනස් කිරීමට බල කිරීමට තවත් ජාතියකට අයිතියක් දුන්නේ කවුද?(මෙහිදී හිට්ලර් මතක් නොකර සිටිමු !)

බොදු බල සේනාවේ නෝ ලිමිට් වි‍රෝධය, ‍හලාල් විරෝධය,කුරගල සටන යනාදී ක්‍රියාවලීන්ගෙන් පසුව එහි නායක ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කළ මහත්
අඥාන ප්‍රකාශයක් දැඩි සංවේගයෙන් අසා සිටියෙමි.එනම් එම ව්‍යාපාරයේ ඊළග ව්‍යායාමය වන්නේ මෙරට මුස්ලිම් කතුන්ගේ හිජාබය හා බුර්කාව ගැලවීමයි ! එයට හේතුව නම් මුස්ලිම් කතුන් හිජාබය හා බුර්කාව පැළද සිටීම නිසා විභාග ශාලා වලදී හා බැංකු ගණුදෙනු වලදී අනන්‍යතාවය තහවුරු කිරීම අපහසු වීම ලු!

සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදකාරි ප්‍රකාශයක් ඉදිරිපත් විය යුත්තේ අදාල රාජකාරීයන්හි යෙදෙන්නා වූ බලධාරීන්ගේ වාර්තා මගින් සිය ආයතන ප්‍රධානීන්ටය.එහිදී එවන් ගැටළුවක් වෙත් නම් ව්‍යවස්ථාදායකය මෙවැනි ඉතා සියුම් සංවේදී කාරණා සම්බන්ධව අදාළ පාර්ශවයන් කරන බැරෑරුම් සාකච්ජා මගින් තීරණයක‍ට එළඔීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි.ඒ හැරෙන්නට එක් ආගමික පුජක කණ්ඩායමක් තවත් ආගමික කරුණක් හා අරගලයකට අර ඇඳීම මහා ඛේදවාචකයකි.එය තවත් දරුණු වන්නේ මෙය රටක මහ ජාතිය තවත් සුළු ජාතියකට එරෙහි ව වන බැවිනි.එය වඩ වඩාත් දරුණු වන්නේ වෙනත් සුළු ජාතියක් මෙම මහජාතිය තමාට සිදුකරන්නාවූ හිරිහැර,මදි පුංචිකම්,අසාධාරණයන් වෙනුවෙන් යැයි ඇරඔුණු මහා ලේ හැලීමක වේදනා තවමත් පවතින අතරේ වීමය.

එබැවින් මට නම් කීමට ඇත්තේ කියන තැනකට වදින්නම් හාමුදුරුවනේ ඔවැනි අමන කතා තවත් නොකියන ලෙසය.

Advertisements
Published in: on 2013 ජූලි 12 at ප.ව. 2:25  Comments (2)  
%d bloggers like this: