බලංගොඩ මානවයා බලය සංවිධානයෙන් ඉල්ලීමක්…….!

Balangoda-man-Homo-sapians-Sri-Lanka-PEP-Deraniyagala-archaeology.lk_

                     හෝමෝ ඉරෙක්ටස්ටාවන් වූ ද,

ශ්‍රී ලංකාවේ වසර ලක්ෂයකට එහා අතීතයක්ඇත්තා වූ ද,

  කිතුල්ගල බෙලි ලෙන,රක්වාන වවුල් පනේ,කුරුවිට බටදොඹ ලෙන,බලංගොඩ බෙල්ලන්බැඳි පැලැස්ස,කෑගල්ල දොරවක ලෙන,හෝටන්තැන්න යනාදී ස්ථාන වලදී පමණක් නොව ඉතා මෑතකදී පාහියන්ගල ලෙන තුළින් පවා තමන්ගේ පැවැත්ම පිළිබඳ ලොවම පිළිගත් මානව ජීව විද්‍යාත්මක සාධක  සපයනු ලැබුවාවූ ද,

   එබැවින් මේ සිරි ලකේ ඔවුන් තරම් අන් කිසිවෙක් තම පෞරාණික භූමි අයිතිය පෙන්වා නොමැති වූ බැවින්ද,ඒ අසිරිමත්   බලංගොඩ මානවයාගේ ඒඅතීත ශ්‍රී විභූතිය සුරකිනු වස් “බලංගොඩ මානවයා බලය” නමැති සංවිධානයක් පිහිටුවා ගත් අතර,මෙරට දේශාභිමානයක් ඇත්තවුන්ට එහි සාමාජිකත්වය ලබා ගත හැක.

  එසේම මින් ඉදිරියට බලංගොඩ හෝ මානවයා යන වචන භාවිතයේදී අප අවසරය ලබා ගත යුතු අතර,එතුමාගේ ගෞරවය කෙළසනු සුළු වූ කිසිවක් පැවසීම හෝ කිරීම පිළිබඳව අපගේ                              නිතැන් කෝපය එල්ල වනබැව්

                       ස්වාශනාලයෙන්දැනුම් දෙමු!

Published in: on 2013 නොවැම්බර් 1 at ප.ව. 2:45  ප්‍රතිචාරයක් ලබාදෙන්න  
%d bloggers like this: