මට මුකුත් මතක නෑ……..!

ප්‍රභාකරන් සිංහලයා ගැන කී දෙය සත්‍යයක් බව අලුත්ගම සිදුවීම ප්‍රත්‍යක්ෂ කර ඇත.එනම් සිංහලයාට ඕනෑම සිදුවීමක් මතකයේ ඇත්තේ සති දෙකක් පමනක් බවය.එබැවින් අපට කළු ජූලිය මතක නැත.පර දෙමළු,සක්කිලි  දෙමළු කියා අපහාස කරමින් සිටි එවුන්ට,ඕනෑම සුළු කරුණකදී ජාතිවාදය අවුළුවා ගෙන සපත්තු මහන දෙමලාත්,වැසිකිලි සේදුව දෙමලාත් ඉතා නිර්භීතව මරා දැමුව එවුන්ට ප්‍රභාකරන් කොළඹට බෝම්බ එවන විට, ගම් වලට වැදකිරිකැටි බිළිඳා පටන් කැති ගාන විට ස‍හෝදරකම් මතක් වී සාම තවලම් යාම,දෙමළ කෙල්ලන්ට ප්‍රේම කරන්නට කසාද බඳින්නට ගීතමය ආරාධනා  මෝස්තරයක් ලෙස කිරීම මතක නැත.ඉතින් ඉතිහාසය නම්  මතකම නැත.එබැවින්අසරණ දෙමළ මිනිසුන් තමුන්ට යුද්ධය නිසා සිදුවු ‍හානි  පිළිබඳව සාධාරණය ඉටුකරන්නැයි කියනා විට ජුවල්ය.”මොන පරණ කථාවල් වලද මුන් මේ එල්ලිලා ඉන්නේ!”

කොහොම වුනත් එනපොට හොඳ නැති බව අපි මුලදීම අනතුරු ඇඟවූයෙමු.ඒ සඳහා සාක්ෂි වශයෙන් අප විසින් වර්ෂ 2012 අප්‍රේල් මස පළ කරනු ලැබූ ලිපියක් නැවත උපුටා දක්වමි.එය වර්තමානය හා ගලපා ගැනීමට කළයුතුවන්නේ පළමු ජේදයේ එන දඹුල්ලේ  වෙනුවට ගලබොඩ යනුවෙන් හා අවසාන ජේදයේ අවුළුවා ගතහොත් යන්න වෙනුවට අවුළුවා ගැනීමට සමර්ථ වීම නිසා යනුවෙන් වෙනස් කර කියවීම පමණි.

ඔබට අබ සරණයි!

 සොයා සොයා ආවා, ඒ සෙව්ව මැණික හමුවුණා …….//


පසුගිය කාලයේ ශ්‍රී ලාංකික ජන සමාජයේ  බලවත් අඩුපාඩුවක්,රික්තකයක්,හිඩැසක් ව තිබූ දෙයක් උපයා ගැනීමට අපට හැකිවී තිබේ.අගයක් නොකරම එක එල්ලේම ප්‍රකාශ කරන්නේ නම් අපට හතුරෙකු නැතිව තිබූ දුක  නැති කිරීමට දඹුල්ලේ හාමුදුරුන් වහන්සේ ඇතුළු පිරිස දැන් සමත්වී ඇත.

ලාංකික, විශේෂයෙන් සිංහල අපට,හිගන්නාගේ තුවාලය මෙන් සිටි දෙමළ හතුරා හිටි හැටියේම නැති වීමෙන් පසු හතුරෙකු නැති අඩුපාඩුව බොහෝ අවස්ථා වලදී දැනුනි.බැන ගන්නට,මඩ ගසාගන්නට,නින්දා කරන්නට,අපේ උජාරුව පෙන්නන්නට,මංකොල්ල කෑමට හා මරාගැනීමට හතුරෙතු නැති අඩුව නිසා බොහෝ අපහසුතාවයට පත්ව සිටියෙමු.

කොතෙක් අපහසුතාවයට පත් වූවාද කිවහොත් හතුරෙක් නැති දුකට හතුරෙක් එනවා යැයි බොරුවට කෑගසමින් අපේම බොරුවට අපද රැවටෙමින් ස්වයං වින්දනය ලැබුවෙමු.ග්‍රීස් යක්කු , භූතයන් හා මෑතක දී  මෝහිණිය වැනි පඹ හතුරන් නිර්මාණය කර විකෘති කාමාශාවන් හා පළිගැනීම් වැනි වින්දන කිහිපයක් පමණක් ලැබු නමුත් සුරාන්තයට එළඹෙන්නට නොහැකි විය.

නමුත් මෙවර මුස්ලිම් ජාතිකයන් කුපිත කර ගැනීමේ උත්සාහය නිවැරදිව කළමනාකරණය කර ගත හොත්(අවුළුවා ගතහොත්) පරම්පරා ගණනක් තිස්සේ රස(විස) විදිය හැකි වින්දනයන් රාශියක්ම උපයා ගැනීමට හැකිවනු ඇත.

(වැඩි දුර විස්තර සදහා ඉතිහාසය කියවා බලන්න)

Published in: on 2014 ජූනි 24 at ප.ව. 3:11  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

රුහුණේ මී හරක් (2)

10175042_726682627396905_7138351841842405332_nමෙය ලිවිය යුතුව තිබුනේ මීට ඉස්සරය. ඇත්ත වශ‍යෙන්ම එය ලිවීමි. ‍නමුත් ඇති වූ තාක්ෂණික දෝෂ කිහිපයක් මත (එකක් නම් පරිගනකයේ ‍දෝෂයකි;අ‍නෙක ශ්‍රී ලංකා ටෙලිකොම් හි දෝෂයකි.)මෙය නිසියාකාරව ප්‍රකාශ කර ගත නොහැකි විය. කෙසේ වුවද මෙය ලිවිය යුතුමය සිතන්නේ මේ ලියන අපද රුහුණේ එවුන් යැයි දන්නා හඳුනන අය විසින් හංවඩු ගසා ඇති බැවිනි.කථාවට පාදක වන සිදුවීම තරමක් පරණ වූවද කිව යුත්තේ ඒ නිසාමය.

තමාගේ හත් මුතු පරම්පරාවෙි එකකු විශ්ව විද්‍යාලයේ  සිටියේ වුව පමණක් නොව විශ්ව විද්‍යාලයේ ව‍ැට ළග බත් විකුණන එකකු වී නම් වුව ද, ඒකා විශ්ව විද්‍යාලයක කානිවල් එකක් පැවැත්වීමට සිසුන් විරුද්ධ වීම ගැන අමනාප නොවෙනු ඇත.ඒ එබඳු ආයතනයක එවැනි ඩෙගා නැටීමක් පැවැත්වීමේ අයෝග්‍ය භාවයත්,ඒ තුළ ඉගෙන ගන්නනවුන්ට ඒ කාලය තුළ ඇතිවන  අධ්‍යාපන හානියත් සිතා ගත හැකි බැවිනි.

නමුත් අප දකුණේ බුද්ධිමත් ජනතාව තමන් විසින් තෝරා පත්කර ගනු ලැබූ තමන් බඳු බුද්ධිමත් ජනතා නියෝජිතයන්ගේ කොන්ත්‍රාත් ඉටුකරමින්  පාලකයාට බත් බැළ මෙහෙවර කරමින් ඔවුන්ගේ සතුට දිනා ගනු වස් (කවදත් දකුණේ උන් කළ පරිදි) අර කොල්ලන්ට තැලීමට පොර ඇල්ලූහ.

මේ ලිපිය පළ නොකරන්නට සිට (සිදුවීම පරණ බැවින්)නැවත පළකරන්නට සිතුණේ පසුගිය ඉරිදා පුවත්පතකට සනත් ජයසූරිය නියෝජ්‍ය ඇමති කර තිබූ ප්‍රකාශයක් දුටු නිස‍ාය.එතුමා රුහුණු සරසවිය තුළදී සරසවි සිසුන්ට පහර දීමක් සිදු නොවූ බව කියා සිටින අතර ලෝ පොයින්ට් එකක් ද දමයි.

“පහර දීමක් වූවා නම් කෝ තුවාලකාරයෝ?”

සැබවින්ම මේ තරම් මුග්ධ නොවූ හා ඇත්ත වශයෙන්ම සංකීර්ණ නීති ක්‍රියාවලිය තුල බලාපොරොත්තු විය හැකි ප්‍රශ්න කිරීමක් තංගල්ල ප්‍රාදේශීය සභාපතිට එරෙහි මිනීමැරීම හා ස්ත්‍රී දූෂණ නඩුවෙිදී විත්තියේ නීතිඥයන් විසින් කරනු ලදී.එහිදී රජයේ අධිකරණ වෛද්‍ය නිළධාරි තුමිය වින්දිත කාන්තාව දුෂණයට ලක්ව ඇති බවට සාක්ෂි වන්නාවූ ඇයගේ ලිංගේන්ද්‍රියන් තුළ හෝ එ් අවට ඇති ‍හා ඇගේ ශරීරයේ අනෙකුත් ස්ථාන වල තිබුණාවූ තුවාල මෙන්ම බලය යොදා ඇති බවට වන ලක්ෂණ පිළිබඳ  විස්තර කරද්දී විත්තියේ නීතිඥයා මෙසේ ප්‍රශ්න කර තිබුණි.”දුෂණය කරා නම්  වේලුණු පිටි පැල්ලමක් වගේ ශුකාණු පැල්ලමක් ස්ත්‍රිය‍ගේ ලිංග‍යේ තියෙන්න ඔින නේද?”(ඇත්ත වශයෙන්ම මෙබඳු ප්‍රශ්න කිරීමක් සාක්ෂි තහවුරු කරගැනිමකදී අතිශය ස්වභාවික බ‍ව නැවතත් කිව යුතුය.)

Published in: on 2014 ජූනි 21 at පෙ.ව. 4:36  ප්‍රතිචාරයක් ලබාදෙන්න  
%d bloggers like this: