බයිට් ගැන කථා

images1

images

 

images2

විමලෙගේ වාං පතුල් කථා, මම කියවීමට කැමති තවත් එක් බ්ලොග් සටහනකි. අපගේ මහා පඬි රුවනක් වූ යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිරයන් වහන්සේගේ “වන කථා” සිහිපත් කරවන කතා මැද කතා ඇති ඔහු‍ගේ දිගු රචනා ශෛලිය ලිවීමට උපන් ගෙයි කම්මැලි‍යෙක් වන මට නම් පුදුමයකි.ඉතින් පසුගිය දිනක මා කියවූ වාං පතුල් කථාවක තිබු  බයිට් ගැන රසවත් කථා කියවූ මටද  මගේ අත්දැකීමේ ඇති බයිට් කථා කිහිපයක්ද සිහිපත් විය.

එම සිද්ධින් සියල්ලම පාහේ එකල කොටි කටේ ගම්මානයක සිටියදී අත් විඳින්නට ලැබූ අවස්ථාවන්ය.එම ගම්මාන මායිම් ගම්මාන ලෙස හැදින්වුවද ඇත්ත වශයෙන්ම එ්වා තිබුණේ ඊනියා කොටි රාජ්‍යය ඇතුළේ දත් තිස්දෙක මැද නොහැපී සිටින දිව මෙන් හුදකලාව මෙන්ම අනතුරේය.

ඉදින් මේ ගමද ලංකාවේ වු බැවින් රාජ්‍ය සේවකයෝද එහි සේවයේ යවනු ලැබූහ.එකල එහි අතිශය අමාරු කාර්යයක් වූයේ එයින් මාරුවීමක් ගැනීමය.බලවත් දුක් ගැහැට මැද එහි සිටියාවූ ඔවුන් විනෙ‍‍ා්දාස්වාදයට  මත්පැන් ප‍ානයට ඉබේටම පාහේ ‍පෙළඔිණි .(ඇත්ත වශයෙන්ම වෙනත් දුරාචාරයන්ට ඇබ්බැහි වූ පුද්ගලයන් සිටියේ එකෙකු දෙන්නෙකු පමණක් වූ අතර ඔවුන් ප්‍රධාන කණ්ඩායමෙන් ඈත්ව සිටියෝය.එසේම නිලධාරියන් සිටියේ නැතිම වාගේ නිසා ඔවුන් විනෝදය උදෙසා කුමක් කළේදැයි නෙ‍ාදන්නෙමි.)මා කියන මේ කණ්ඩ‍ායමට සියළුම අ‍ාකාරයේ රජයේ සේවකයෝඇතුලත්වසිටියහ.දොස්තර,කැලෑමහත්තයා,කෘෂිකර්ම,ක්‍රීඩ‍ා, සමාජ සේවා,ජල පාලන මහත්වරු,ගුරුවරු,විදුහල්පතිවරු,ග්‍රාමසේවක රාලහාමිලා,AGA ඔෆීස් එකේ සියළුම නිලධාරී මහත්වරුද තවත් ඒ ආකාරයේ අය වශයෙන් විවිධ ආකාරයේ ආණ්ඩුවේ මහත්තුරු කොට්ඨාශ ද ඒ කණ්ඩ‍ායමේ සිටියෝය.

මේ කියන දිනයේ මෙයින් කිහිප දෙනෙකුට නිවාඩු දවසක දහවලක රහමෙර පානයට  සිත් ඇති වූහ.මුදල් තත්වය ගැන බැලූවිට ළඟ පාතින් කළු කඩ මිළට අරක්කු ගන්නවාට වඩා මොරවැව බාර් එකෙන්ම මිළඳී ගැනීම නුවණට හුරු බව වැටහිණ.නමුත් ඒ ගමන යෑම තමා වැඩේ ! මහ දවල් වෙලා‍වේ දී වුව කොටි ගැව‍සෙන මේ අඩවියේ ගමන අවදානම්ය.මක් නිසාද බලු බල්ලෙක් වුවද නොගැවසෙන පාළු ඉසව් කිහිපයක්ම පසුකරගෙන යෑමට තිබුණ නිසාය.ඒ මදිවාට කකුල් හතරේ තනි අලියා ද කොහේ සිටී දැයි කිව නොහැක.එසේම  තාර හා ගල් ගැලවී යෑම නිසා බොරළු පුරවා ඇති පාරය.අනික් අතට බ්රේක් නැති කෑලි හැලෙන පුෂ් සයිකල් දෙකක් කට්ට අවුවේ කිලෝ මීටර හත අටක් ඩබල් දාගෙන පැදගෙන යෑමය.ඒ කුමක් වුවද ඉටා ගත් කාර්යය කළ යුතුමය. කරදරයක් නැතිව නියමිත ස්ථානයට ගොස් අරක්කු ද මිළඳී ගත්තෝය.පෙරලා නැවත එන්න‍ට ඇවිත් ටික දුරක් එද්දී මහන්සි දැනුන අතර මෙහිදී ඔවුන්ට කෙ‍සෙල් ඇවරියේ මෙතඩ් එක මතක් විය.එනම් මේ අරක්කු වලින් යම්කිසි කොටසක් ඒවා රැගෙන ගිය විට ලැබෙන බවත් එය දැන්ම පානය කළා වුවද වරදක් නැති බවය.ඉතින් අතරමග හොද ආරක්ෂිත තැනක බයිසිකල් නතරකර මග ‍යනෙන එවුන්ටද නොපෙනෙන සේ තප්පලම් දා ගත්තෝය.

ෂැන්ඩි කිසිත් නැතිව බෝතලය කට තබා බීම අසීරු කරුණක් වූයේ අපුල නැති කර ගැනීමට කිසිවක් හැපීමට නැති නිසාය.නිව්ටන් පරදන සොයා ගැනීමක් එකෙකු කළේ මෙහිදීය.ඒ අසල  තිබූ පොල් ගසකින් වැටී තිබූ කුරුම්බා ඇට්ටියක් ගලක උෟරච්චි කර  ස්ථානෝචිත අතුරුපසක් නිපදවීමයි! මදක් ලුණු රස හා කහට රසය මිශ්‍රවූ කල්කයක් බඳු එය දිවෙහි ගා ගනිමින්  අපුලක් නැතිව දිව පිනවමින් අරක්කු පානය කළ හැකි බව සොයා ගත්තේ ඔවුන්ය !

නමුත් හොඳම සොයා ගැනීම එය නොවීය.එම සොයා ගැනීම කළේ කපිල  විසිනි.මෙම කපිල යනු කවරෙක් ද යත් ,ඔහු මෙගමට රාජකාරි සඳහා පිටින් පැමීණෙන සියළු ‍දෙනාගෙම අනිවාර්ය මිතුරෙකු බවට පත්වන එ් ගමෙහිම ව්‍යාපාරික තරුණයෙකි.නගර මධ්‍යයේ රෝහල ඉදිරිපිට ‍වෙළඳසලක් පවත්වා ගෙන ගිය ඔහු හා පිටින් පැමිණෙන ඔිනෑම නිලධාරියෙකු මිතුරෙකු බවට පත්වන්නේ නිතැනිණි.ගමෙහි උපත ලැබුවද යොවුන් වියේ දී කොළඔ රටේ කරක් ගස‍ා නොයෙකුත් කෝස්  සෑහෙන ප්‍රමාණයක් හදාරා කරිජ්ජ පාගා ඇති අයෙකි.එබැවින් ඒ ගමේ ඇතමුන් මෙන් නොව ළිං කට තුළින් දකිනවාට වඩා විශාල ප්‍රදේශයක් දැක තිබීම නිසා ඕනෑම කෙනෙකු සමඟ ආශ්‍රයට මෙන්ම අළුත් දෙයකට ද බිය නොවීය.

කපිල මෙන්ම ඔහුගේ වෙළඳ සැලද අපූරු එකක් විය.සාමාන්‍යයෙන් ප්ලාස්ටික් භාණ්ඩ වෙළදසලක් වූවද එහි කාන්තා හා ළමා අරුමෝසම් භාණ්ඩ ,‍ඇක්සයිස් පොත් ඇතුළු ලිපි ද්‍රව්‍ය,තැඔිලි ,කෘමිනාශක මෙන්ම ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන දොස්තර මහතාගේ අනුග්‍රහය මත ඖෂධ ද එහි විකිණීමට තිබුණි.

ඉතින් පෙර සඳහන් කළ කණ්ඩායම ද කපිල ගේ ගජ මිතුරන් වූ බවත් ඒ අයට සෙට් වීමට කපිලගේ කඩය සොඳුරු නවාතැනක් වූ බවත් යළි යළිත් පැවසීම අවශ්‍ය නොවේ.නමුත් එ් සඳහා කඩය වසන තුරු ඉවසා සිටීමට වන බ‍ැවින් මෙතැන මදු විත පිරූ දිනවල  එය ඇරඔුනේ ටිකක් රෑ බෝවී ගිය පසුය.

මෙසේ එක් දිනයක කණ්ඩායම මදුවිත පිරීමට කපිලගේ කඩයට රැස් වීමට තීරණය කළෝය.අරක්කු සෑහෙන පමණක්,ෂැන්ඩි ප්‍රමාණවත් තරම් මෙන්ම බයිට් වර්ගද විවිධාකාරයෙන් සුදානම් කර තිබිණ.‍ඒ තෙල් කෑම නොකන්නවුන් සඳහා තෙල් නොයොදා තම්බා ගත් කඩල,තෙල් කන අය සඳහා තෙල් වලින් තෙම්පරාදු කරගත් කඩල,බඩ පුරවන හැපීමක් අවශ්‍ය අය සඳහා තැම්බූ මයියොක්කා යනාදි වශයෙන් නා නා ප්‍රකාර වශයෙනි.කොහොමත් වැ‍‍ඩේ පටන් ගැනීමට මුදල් එකතු කරද්දී මේ රෙගුලාසි පැනවීම ස්වභාවික බැවින් ඒ අය සතුටු කිරීමට මේ ආකාරයෙන් කටයුතු කිරීමට සංවිධායකයන්ට සිදුවේ.

ඉතින් රෑ  අට ,නමයට පටන් ගත් සාදය පසුවදා උදේ දෙක,තුන වනතුරු ඇඳී යයි.ගෙනෙන ලද බෝතල් ඉවර වුවද ප්‍රශ්ණයක් නොවන්නේ ලංකාවේ ඕනෑම තැනකදී ,ඕනෑම වේලාවකදී අරක්කු බෝතලයක් සොයා ග‍ැනීමට බේබද්දාට හැකි බැවිනි.නමුත් බරපතල ගැටළුව වන්නේ බයිට් ටිකක් සොයා ගැනීමය.පෙර කී කණ්ඩායම ගෙන ආ බයිට් සියල්ල කා හමාර වී සියළු දෙනාම අහල පහල කඩ වලින් සපයා ගත් මුරුක්කු ,බයිට් පැකට්,බට්ටෝ,රෝස් පාන් ,සිල්ලර කඩ වලින් සපයා ගත හැකි උම්බලකඩ ,රතුළුෑණු යනාදියත් හපා හමාරය.දැන් ඉතින් අමු අමුවේ අරක්කු කටට හළා ගැනීමට බැරිව විරිත්තමින් සිටි මහත්තුරුන්ගේ පිහිට වු‍නේ කපිලය.හේ ෂෝකේසයක් ඇර බෝතලයක් ගෙන පෙති අහුරක් රැගෙන සියළු දෙනාගේ අතට දී බය නැතිව හපා කා අරක්කු බොන්නට යි කීවේය.

අප දන්නා පමණින් විටමින් c පෙති බයිට් වශයෙන් ගත් ලොව පළමු පුද්ගලයෝ ඔවුන් වූහ.

මේ අමුතු බයිට් සෙ‍ායාගැනීම් මැද මෙතෙක් අප රස විඳි විශිෂ්ඨතම බයිට් එකද රස බැලීමට ලැබුණේ ගෝමරන්කඩවල දී බැවින් ඒ ගැනද සටහන් කළ යුතුමය.එ්  පුරා විද්‍යා එකේ මුරකරුවෙකු ලෙස සේවය කළ තිස්ස අයියාගේ ආරාධනයට අනුව ඔහුගේ ගම වන පුලිකන්ඩිකුලමට ගිය අවස්ථාවේදී ය.

පිහිනීමට මෙන්ම කිමිදීමටද සමත් තිස්ස පුලිකන්ඩිකුලම වැවේ කිමිදෙන වාරයක් පාස‍ා ඉස්සෙකු උ‍ගේ දිගු අල්ලා ගෙන ගොඩට ගෙන ආවේය.එම වැව් ඉස්සන් අප දැක පුරුදු මුහුදු ඉස්සන් මෙන් ඇඟිල්ලක් තරමේ එවුන් නොව පොකිරිස්සන් තරමේ දිගු ,මහත,වටකුරු  මස් පිරුණු එවුන්විය. එවළේම ගොඩට ගෙන එවළේම මනාව තුනපහ යොදා පිස උණු උණුවේම සංග්‍රහ මේසයට එවන මෙබඳු අතුරුපසක් තරු ‍හෝටලයකදී ගන්නේ නම් අස්ප මිළක් ගෙවීමට සිදු වනු ඒකාන්ත බවත් කිව යුතුමය!

Published in: on 2014 සැප්තැම්බර් 24 at ප.ව. 12:13  Comments (2)  

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2014/09/24/%e0%b6%b6%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ae%e0%b7%8f/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාර 2ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. ඒකෙත් පොඩි ලල් එකක් තියනවනේ…

    කැමතියි

  2. අමු මිරිස් කරලක් එක්ක විස්කි බොන්න කියලා සීනියර් බැජ් එක පාස් අවුට් වෙච්ච දවසෙ දුන්නා. විස්කි පාටිය අවසන් වුනෙ ගොලු මඩමෙ පොට් එකකින් ගත්තු කසිප්පුවලින්

    කැමතියි


dilan akalanka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.