මගේ කොළය
ඇත්ත ලියන්නට හා බිම ඉඳගන්නට
ගාළු මහජන ක්‍රීඩාංගනය උලා කෑමට පසු වදනක්
ගාල්ලේ මහජන ක්‍රීඩා පිටිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් වෙන් කර එය පොදු මහජනතාවගේ භාවිතයෙන් ඈත් කිරීමේ අතිශය අසාධාරණ හා අගතිගාමී මෙන්ම අප වැන්නන්ගේ හිත් තුලින් කිසිදා පහව නොයන කම්පාව ඇති කළාවු කුප්‍රකට ක්රියාවේ නූතන මැතිවරණ කොමසාරිස්වරයා මූලිකයෙකු බව
Lankaenews
හි වාර්තාවක පළවී තිබී දකිනු ලැබීමෙන් පැරණි තුවාලයක් නැවත පෑරුණාසේ දැනෙන්නට විය.ඔහුගේ ඊට ඇති මෙම සම්බන්ධතාව පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කර පැවසීමට නොදන්නා බැවින් එම ක්‍රියාව ගැන නොව එහි ප්‍රතිථලයන්හි ආදීනව ගැන කතා කිරීමට සිතුවෙමි.
ආක්රමණික විජාතිකයන් ගාලු කොටුවේ ගොඩබිම දිශාවෙන් ඇතුල්වීමට තිබූ දොරටුව ඉදිරිපිට ජල දුර්ගයක් තනා තිබූ භූමි භාගයක් මතින් ගාලු ක්‍රීඩාංගනය ඉදිවී තිබේ.අප මතක කාලයේ ගාලු ක්‍රීඩාංගනයේ හැඩතල දැන් පවතින ආකාරයේම වුවද මෙතරම් දැවැන්ත නැත.දැන්ගාලු ක්‍රීඩාංගනය දකිනා විට මගේ මතකයට නැගෙන්නේ කට කමසෙයියාවක් නැතිව අහර බුදිමින් ව්‍යායාමයක් නැතිව එක තැන දපා සිට දැඩිව තරව ගිය අලි බතල ගැහැණියක මෙනි.
මට හැඟෙන ආකාරයට සූට්කේස් වල දමාගෙන පොත් රැගෙන පාසල් ගිය අවසාන ළමා පරපුර අපි වෙමු.දැන් මෙන් බෑග් වල පොත් දමා ගෙන ළමුන් මෙන් නොව අපි මේ සූට්කේස් බහු කාර්ය උපකරණයක් සේ භාවිතා කළෙමු.එයින් බොහොමයක් අවශ්‍යතා ක්‍රීඩාංගනයේදී පාවිච්චි කළ ඒවා විය.මොනයම් හෝ ක්‍රිකට් තරඟයක් ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වන්නේද අපි එතැන වීමු.පැවිලියන් එකේ වාඩිවී මැච් එකක් බැලීමට වරම් නොලත් කජු කිරි කොල්ලන් වූ අපි ඒ දිනවල පිට්ටනිය වටා කස ගස් පේලියක් තිබුණු නමුදු ඒ සෙවනට නොගොසින් හතරේ සීමාව ළකුණු කළ කඹය අද්දරම වාඩි වෙමු.(සමහර වේලාවට අපි මේ හතරේ සීමාව ඔසවා අපට අවශ්‍ය ලෙසට ඉදිරියට හෝ පසුපසට ගත් අවස්ථා නැත්තේම නොවේ.)එතැනදී අපගේ සූට්කේසය ආසනයක් සේ පාවිච්වි කරන්නේ එය හරස් අතට සිටුවා දෙපරන්ද පල්ලේ තබා ගෙන කකුල් දෙක දෙපැත්තට දමාගෙන ඒමත වාඩි වීමෙනි.මෙසේ ටික වේලාවක් සිටිනා විට අව්ව වැඩිවෙන විට හෝ පොදක් ඇද හැලෙන විට බිම වාඩි වී එය ආවරණයක් සේ හිස මතට ගතිමු.පිටියේ මැච් එක බෝරිං වගේ දැනෙන්නේ නම් අපි අපගේ තරඟයක් බවුන්ඩ්‍රි ලයින් එකෙන් එළියේ සිට අරඹන විට එම සූට්කේස් දෙකක් එක පිට එක තබා විකට්ටුවක් සකස් කර ගතිමු.
ක්‍රිකට් වාරය හමාර වූ විට ෆුට්බෝල් මැචස් පටන් ගනී.ෆුට්බෝල් තරඟ පැවතුණේ ක්‍රීඩාංගනය තුළම සමනල පාලම අන්තයේ ගාමිණි ක්ලබ් එක ඉදිරිපිට කොටසේ මිස දැන් මෙන් එකළ ගව ඝාතකාරයක් තිබූ පිට්ටනියෙන් එළියේ හුදෙකලා ස්ථානයක නොවේ.ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වූ හා නැරඹීමට එක් වූ සමාජ කණ්ඩායමට වෙනස් කණ්ඩායමක් මෙම ෆුට්බෝල් තරඟ හා සම්බන්ධව සිටියහ. ඔවුහු බොහෝ විට අව වරප්රසාදිත ජන කොටස් වලින් පැමිණියෝ වූහ.කෙසේ වුවද ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් මන බඳිනා සුළු වූ අතර ප්‍රතිවාදීන් තැති ගන්වන සුළු විය.ගාළු ක්‍රීඩාංගනය පාපන්දු ක්‍රීඩාවට තහනම්ව යන තෙක්ම ගාල්ල ප්‍රසිද්ධව සිටියේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් බිහිකළ පුරවරයක් ලෙසටය !
කෙසේ වුවද නැවතත් අතීත කථාවට හැරුණහොත් කාක්කන් පිට්ටනිය වටා ඇති ගස් වලට මෙන්ම යාබද ධර්මපාල උද්‍යානයේ ඇති තුරු හිස් මතට රාත්‍රී නවාතැන් පිණිස පැමිණ හඬ තලද්දී සියළු තරඟ අහවර වී ඇත.වැඩිහිටියෝ හෙමින් හෙමින් ගාමිණි ක්ලබ් එක පැත්තට ඇදේ.බෝතල් වීදුරු ගැටෙන ශබ්දද ඒ අසලින් පිටියෙන් එළියට යද්දී ඇසේ.අපෝ!රෑ වෙන්ටත්ළඟය. දැන් අප ගෙදර යා යුතු බව මතක් වේ.උදේ ඉස්කොලේ පැමිණි අපි ගෙදර යන්නේදැන්ය.බඩගින්නේ හාකුට්ට වෙමින් සිටියද ගානක් නැත.ගෙවල් වලටද ප්‍රමාද විම ගැන කියන්නට නිදහසට කරුණු එමට අපට ඇත.එයින් වඩාත් ඒත්තු ගැන්විය හැකි කරුණ ස්පෝර්ට් ප්‍රැක්ටිස් තිබීමය.කොහොමටත්මෙම ප්‍රමාදයන් හොඳට හුරු පුරුදු හෙයින් ගෙවල් වල උදවියද අප පරක්කු වීම ගැන එ්තරම් කලබල වන්නේද නැත.
එපමණක් නොව දකුණේ සියළු ප්‍රධාන මට්ටමේ මළළ ක්‍රීඩා තරඟයන්ද එකළ පැවැත්වූයේ ගාලු ක්‍රීඩාංගනයේදීය.තවද ගාලු නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසල් වල නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වූයේ ද ,ගාළු නගර ශෝභිනියන්ගේ රැකියා කටයුතු සඳහා භාවිතා කළාවු,නහා ඇඳ පැළඳ ගැනීම් කළාවු,විවේක ගත්තාවූ ,පිම්පියන් මුණගැසුණාවූ එකල “පට්ටිය මුල්ල”නමින් හැඳින්වූූ දැන් ‘සමනල ක්‍රීඩාංගනය’ යන සාඩම්බර නම්වර ලැබුවාවූ,කොටු පවුර හා සමනල පාලම අතර බිම් කඩේ නොව ගාලු මහජන ක්‍රීඩාංගනයේදීය.නගරය මැද සියළු දෙනාටම පහසුවෙන් ලඟා විය හැකි තැනක වූ ,නගරය පසුකරගෙනයන සෑම සියළු දෙනාටම වුව නෙතට ගැටෙන ,තමාගේ බස්රිය,දුම්රිය එනතුරු වුවද නැරඹිය හැකි බැවින් ඒ ටික වේලාවට වුවද වැට ළඟ පොදිකමින් එවැනි සිත්ගත් ක්‍රීඩා තරගයන් නැරඹූ පොදු ජනකායක් සතුවූ මහත් සතුටු ක්‍රීඩාංගනයක් විය එය එකළ!ඇත්තටම තමා අගය කිරීමට රැස්වූ මහා පිරිස දැක කුඩා දරුවන් තරග වැදුණේ මහත් අභිමානයකින් බව අත්දැකීමෙන් දනිමු.
ක්‍රීඩා ලෝලයන්ට පමණක් නොව ගාලු ක්‍රීඩාංගනය ඒ යුගයේදී පොදු ජනතාවගේ සුව සැළසු කෙම්බිමක් විය.රාස්සිගේ අව්ව නිවී යද්දී නගරය අවට පදිංචිකරුවන් තම දරුමල්ලන් ද කැටුව ක්‍රීඩාංගනයට ඇදෙති.පොඩි එවුන් නිදහසේ පිටියේ දුව පැන සෙල්ලම් කරද්දී මහ අය සතුටු සාමිචියේ යෙදිති.පෝං! පෝං ගා නලාව මිරිකමින් පොඩි එවුන් ආකර්ශණය කර ගන්නාඅයිස් ක්‍රීම් වෙළෙන්දා,කඩල කාරයා,මිරිස් කුඩු හා ලුණු කුඩු ඉසිනලද අන්නාසි කෑලි විකුණන අන්නාසි වෙළෙන්දා යනාදි සුළු වෙළෙන්දන් බොහෝ පිරිසක් ද ඒ අතර සැරි සරමින් තම ජීවිකාව සරි කර ගනිති.අඳුර දැඩි වද්දී පවුල් පිටින් පැමිණි පිරිස් තම කුටුම්භයන් පෙරළා යද්දී නිදහසේ මධුවිත පිරීමට කැමැත්ත ඇත්තෝ තැන් තැන්වල තප්පලම් දාගෙන සිටිනු පෙනේ.ඉදින් මධ්‍යම රාත්‍රිය වන තුරු ක්‍රීඩාංගනය තුළ ජිවයක් රඟයි.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් කරනු පිණිස නසා දැමුවේ එබඳු සොඳුරු ජීවයකි.එවකට ආණ්ඩුවේ මහා බලවත් ඇමතියෙකු වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණට අවශ්‍ය වී නම් ජාතියේ දරුවන්ට මෙන්ම පොදු ජනතාවට මෙම සම්පත අහිමි වී යෑම වැලැක්වීමට හැකියාව තිබුණද ඔහු කළේ මෙම විනාශයට උඩගෙඩි දීම පමණකි. එහෙත් හැකි පමණකින් පාපන්දු ලෝලියෙකු ඊට විරෝධය පා තිබුණේ පාපන්දුව පිටියෙන් එලවා දමා ඉදිකර තිබූ තණ නිල්ලේ තාර ගෑමෙනි!
මෙය බෙදාගන්න:
Tweet
වි-තැපැල්
මෙයට කැමති වන්න:
කැමතියි
පුරණය වෙමින්...
Published in:
Uncategorized
on 2014 දෙසැම්බර් 2 at ප.ව. 4:00
Comments (2)
දෙසැම්බර් 2014
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
« නොවැ.
ජන. »
ලේඛනාගාරය
පෙබරවාරි 2021
අගෝස්තු 2020
මැයි 2020
අප්‍රේල් 2020
ජනවාරි 2020
ඔක්තෝබර් 2019
ජූලි 2019
ජූනි 2019
අප්‍රේල් 2019
ජනවාරි 2019
නොවැම්බර් 2018
අගෝස්තු 2018
ජූලි 2018
මැයි 2018
අප්‍රේල් 2018
මාර්තු 2018
නොවැම්බර් 2017
ජූලි 2017
අප්‍රේල් 2017
මාර්තු 2017
දෙසැම්බර් 2016
නොවැම්බර් 2016
සැප්තැම්බර් 2016
අගෝස්තු 2016
මැයි 2016
පෙබරවාරි 2016
දෙසැම්බර් 2015
නොවැම්බර් 2015
මැයි 2015
පෙබරවාරි 2015
ජනවාරි 2015
දෙසැම්බර් 2014
නොවැම්බර් 2014
සැප්තැම්බර් 2014
අගෝස්තු 2014
ජූනි 2014
ජනවාරි 2014
දෙසැම්බර් 2013
නොවැම්බර් 2013
අගෝස්තු 2013
ජූලි 2013
මැයි 2013
මාර්තු 2013
ජනවාරි 2013
දෙසැම්බර් 2012
නොවැම්බර් 2012
ඔක්තෝබර් 2012
සැප්තැම්බර් 2012
ජූලි 2012
මැයි 2012
අප්‍රේල් 2012
මාර්තු 2012
පෙබරවාරි 2012
ජනවාරි 2012
දෙසැම්බර් 2011
නොවැම්බර් 2011
ඔක්තෝබර් 2011
සැප්තැම්බර් 2011
අගෝස්තු 2011
ජූලි 2011
ජූනි 2011
මැයි 2011
KOTTU
අටම්පහිය
https://atampahiya.blogspot.com/
අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය
සිංහල වියුණු එකතුව
Follow මගේ කොළය on WordPress.com
නවතම ප්‍රතිචාර
lalith
ඥානම්මලා ගැන මගේ සත දෙක
පිළිබඳ
නිර්නාමික
ව්‍යවස්ථාව විහිළුවක් වීම
පිළිබඳ
Pisachaya
එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පු…
පිළිබඳ
manjula
රෝයල් පාක් මිනීමැරුම හා ජනාධිප…
පිළිබඳ
Free Thinker
එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පු…
පිළිබඳ
Add your thoughts here... (optional)
Post to
අවලංගු කරන්න
ඊමේල්
නම
වෙබ් අඩවිය
Loading Comments...
ප්‍රතිචාර
×
Send to Email Address
Your Name
Your Email Address
අවලංගු කරන්න
Post was not sent - check your email addresses!
Email check failed, please try again
Sorry, your blog cannot share posts by email.
Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here:
Cookie Policy
<span>%d</span> bloggers like this: