හිටපු ජනාධිපති තුමා ශ්‍රීලනිප නායකත්වය පිළිබඳඅරගලයේදී හුණු වටයේ කතාවේ ගෲෂා මෙන් පක්ෂයට ඇති ආදරය නිසා දෙපැත්තට ඇදීම නතර කර නව ජනාධිපතිට දිනුම දී පැත්තකට වී තිබේ.අපේ හිටපු ජනාධිපති තුමා මෙතෙක් පැමිණි වේගයටත්වඩා වැඩි වේගයෙන් රිවස් යනු දකින විට එතුමා ගිහිගෙය කළකිරී ඇත්දෝයි ! සැකයක් පෘථග්ජන අැත්තවුන්ගේ හිත්වල ඇතිවිය හැකි නමුදු මට නම් ඒ අවස්ථාවට උචිත නාටකීය අවස්ථාව වනුයේ ශේක්ෂ්පියර්ගේ මැක්බත් බව එහි කියවෙන “මැක්බත් තව දුරටත් නිදා නොගනී , මැක්බත් නින්ද මරා දමා ඇත” (“Macbeth shall sleep no more. Macbeth does murder sleep”) යන පෙළ කියවෙන විට හැඟෙයි.
මේ ලිපිය මා මුල් වරට කෙටුම් පත් කළේ 2015 ජනවාරි 16 වන දින අතර එවකට හිටපු මහින්ද රාජපක්ෂ අන්තේවාසිකයෙකු වූ මර්වින් සිල්වා මහතා රාජපක්ෂ පවුලට එරෙහිව ලසන්ත වික්‍රමසිංහ ඝාතනය,සිවරාම් ඝාතනය යනාදි තවත් අපරාධ පිළිබඳව CID එක වෙත පැමිණිලි කර නොතිබූ නිසා මර්වින් සිල්වා මහතාගේ ක්‍රියාව හා මගේ මේ ලිපිය එකිනෙකට ස්වාධීන ක්‍රියාවන් ලෙස සැලකුව මනාය.