කාටවත් වැඩියෙන් මට සාරුවා සුනිල් ගැන ලියන්නට සිද්ධ වෙලා තියෙන්නේ ඇයි?කොහේ හරි ගියොත් මට ඒ හිටපු සභාපති තුමා ලියන්නට නිමිත්තක්ව ප්රාදුර්භූත වෙයි.
ඒ වගේම මහින්ද රාජපක්ෂ පරාජය වීමෙහි ලා මොවුන්ගේ මෙම කැලැන්ඩර ද සාධකයක් වන්නට ඇත.ගැඹූරින් විමසා බැලුවහොත් කාන්තා දූෂණය සංඛ්‍යාත්මකව ඉහළට නංවා ගැනීම සමරමින් සාදයක් පවත්වනු ලැබුවෙකු කියන මේ උධෘත පාඨය මහා බරපතල කථාවක්.
එසේම දැන් ගමේ ගොඩේ කඩපිල් වල ඉන්නත් නාමල් රාජපක්ෂ තරුණ මන්ත්‍රී තුමාට වෙලාවක් තියෙන නිසා බ්ලොග් කියවන්නටත් වෙලාව තිබේ යැයිද , ඒ නිසාම මේ බ්ලොග් ලියවිල්ලත් එතුමා බලාය යන්න කණ කැස්බා විය සිදුරෙන් හඳ දකීය යන මෙතඩ් එක ආශ්රයෙන් මේ ප්‍රශ්ණය අතිගරු හිටපු ජනාධිපතිතුමාට යොමු කර පිළිතුරක් කොමෙන්ටුවක් මාර්ගයෙන් හෝ ලබා දෙන ලෙස ඉල්ලමි.එනම් පහුගිය හතර වෙනිදා මාතර ගොම්බද්දල නායක හාමුදුරුවන්ගේ ආදාහන පුණ්යනෝත්සවයට සහභාගී වී පසුව දෙනියායේ සිය නැඟණියත් බලන්නට ගොසින් එන අතරමඟදි උෟරුබොක්කේ දී එතුමාගේ හිතෛයිෂීන්” ඔන්න දැන් අසවල් ස්ථානයෙන් එනවා”,” දැන් අතන”,” දැන් මෙතන” යනාදි වශයෙන් සන්නිවේදනය කරමින් සිට ඒ ප්‍රදේශයෙන් යමින් සිටියදී එතුමාගේ ඡායාරූපයක් රැගෙන මහ පාරට පනිමින් එතුමාගේ වාහනය නවත්වා ගත් බවත් එවිට එතුමා වාහනයෙන් බැසඒ තම ලෝලයන් සමඟ සතුටු සාමිචියේ යෙදී ඇති බවත් පැවසේ. ඇත්ත වශයෙන් මෙවැනි හැසිරීම් නීති විරෝධි නොවන අතර ,රාජ්‍ය විරෝධී ද නොවේ.
මෙහි ගැටළුව වන්නේ එතුමා ගියායින් පසුව ගමේ එකෙක් ප්‍රසිද්ධ පාරක් හරහා වැටක් ගැසීමෙන් එම පාර වසා තිබීමයි.වැට ගසා එ් මිනිසා කියා ඇත්තේ එහෙම කරනා ලෙසට මහින්ද මහත්තයා උපදෙස් දුන් බව ය!ඉතින් මේක ඇත්තක් දැයි සොයා පවසන ලෙසට ගම්මු මට කීවෝය.ඉතින් ඒ ගැන මට කළ හැක්කේ මෙපමණක් නිසා මේ පියවර ගතිමි.හැකියාවක් ඇත්නම් පිළිතුරු දීම මැනවි.