තරකරමින් ගනාඳුර – නිවුණි ඒ මිණි පහණ !

yellow

යමෙකු කෙරෙහි අන් අය කරන වෛරයෙන් පෙනීයන්නේ ඒ පුද්ගලයාගේ බලවත්භාවය හා එයින් ඔවුන් බියට පත්ව ඇති තරමයි.බඩ පුමිබාගෙන හෝ වෙනත් බාහිර ලක්ෂණ(ලොකු ගෙවල්,ලොකු කාර්,ආරක්ෂකයන්,හෙංචයියන්)මගින් බොරු වීරත්වයක් පෙන්නුවද දුර්වලයෝ වෙනස් වීම් වලට බිය ඇත්තෝය. නිවස,වටපිටාව,රැකියා ස්ථාන,මහ මග හෝ වෙනත් පද්ධති වලට අළුත් වෙනසක් ඇති කිරීමට තැත් කිරිම තම ජීවිතය නසා දැමීමට කරන වෑයමක් ලෙස හා ඒ වෙනස්වීමි ඇති කරන්නා භයානක පුද්ගලයෙකු ලෙසද දකිති.බුදුන් වහන්සේ ඇතුළු  සියළු ශාස්තෘවරුන් ද, ගැලීලියෝ ඇතුළු සියළු විද්‍යාධරයෝද,සොක්‍රටීස් ඇතුළු දාර්ශනිකයින් ද,ටජ් මහළ තැනූ මනුෂ්‍යයා ඇතුළු සියළු නිර්මාණ ශිල්පීන්ටද, අළුතින් සිතූ සියළුම ලේඛකයන්ට,සිනමාකරුවන්ට,චිත්‍රශිල්පීන් ඇතුළු සියළුම කලාකරුවන්ට කොටින්ම කිවතහොත් අළුත් විදියට සිතූ හැම එකෙකුටම පාහේ ඔවුහු බිය වූහ.තිබෙනා පල්වලෙන් පැන් සනහා ගනු මිසෙක නැවුම් ජලය උදෙසා ළිං කනින්නට සිතන්නෝ සමාජ විරෝධීන් ලෙසද,නැවුමි බීජ වැපිරීමක්මක් පිණිස පොළොව පෙරළන්නෝ දුෂ්ටයන් ලෙස ද  දකිති.ඒනයින් බලනා කළ බූමිතෙල් ගෑවුණු ගැරඩීන් සේ දඟළමින් අතලොස්සක් පමණ වූ බත් බැලයන් දෙතුන් දෙනෙකු ගෞරවාර්හ මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී වදාළ වූ පසුව එහිමියන්ට කරනා ගැරහුම් මගින් පෙන්නුම් කරන්නේ අනෙකක් නොව තම ආත්මීය වහල් භාවය හා නිවටකම පමණි.

මොවුන් සමකළ හැක්කේ පාරේ බෝක්කුවක් උඩ ගංජා ගසමින් සිටි රස්තියාදුකරුවන් පිරිසටය.උන්ට පොලීසියෙන් අල්ලා ගෙන යෑම ගැටළුවක් නොවූ අතර වැදී ඇති ආතල් එක නොකැඩෙන පරිදිි පරිස්සමෙන් ජිප්එකට දමා ගැනීම උන්ගේ එකම ඉල්ලීම විය.

Published in: on 2015 නොවැම්බර් 9 at ප.ව. 3:34  Comments (1)  
%d bloggers like this: