දොස්තර ලෙඩා වීම

මෙහි පහත දක්වා ඇත්තේ කවර හෝ ආකාරයෙන් මගේ බුකියට ටැග්ව තිබූ ලිපියකි. මේ ගැන අපගේ අදහස් පළ කෙරෙන ලියවීමක් කිරීමට මුලදී සිතුවද මේ  ලියවිලි තුළින්ම කියන්නට ඇති දේ හැඟවීම වඩාත් සාහිත්‍යම වේ යැයිි සිතමි.පළමු කොටම ඇති අවශ්‍යතාවයක් වන නිසා  එය කියවීම කෙසේ නමුදු කළ යුතුව ඇත.උපුටා ගැනීම මෙසේය.

images

images (2)images (1)

images (3)

ජිවිතේ ලැබූ අප්‍රසන්නම අත්දැකීමකට මුහුණ පෑවෙමි !!!

———————————————————-
ලැබුණු දින කිහිපයක නිවාඩුවේදී පවුලේ අය සමග සැළසුම් කරගත් අනුරාධපුර වන්දනා චාරිකාව ගොස් දින දෙකකට පසු අද සවස නිවසට පැමිණියෙමි.ඊයේ අධික තදබදය මැද වුවත් අනුරාධපුර වන්දනා කොට අද උදෑසන දුම්රියෙන් නැවත කොළඹ බලා ඒමට පිටත්විය.දුම්රියවලත් අධික තදබදය නිසා ඉතා අපහසුවෙන් දුම්රියේ පැමිණෙමින් සිටියෙමු. අපි පැමිණි දුම්රිය මැදිරියේම මුස්ලිම් පාසල් ශිෂ්‍යයන් තිහ හතළිහකට ආසන්න පිරිසක් පැමිණෙමින් සිටියේය.ඔවුන් සියළු අසුන්වල හිදගෙන සිටි නිසා අපට අනුරාධපුරයේ සිටම දුම්රියේ සිටගෙන ඒමට සිදුවිය.අප දුම්රියේ නැගුනු වෙලේ පටන් ගමන් ගන්නා මගීන් ගැනකිසිදු වග විභාගයකින් තොරව එම මුස්ලිම් පාසල් ශිෂ්‍යයින් ගීත ගායනා කරමින්,කෑ කෝ ගසමින්,අන් අයට විහිලු කරමින්,තරුණියන්ට අනවශ්‍ය ලෙස විහිලු කරමින්,දුම්රියේ කුහුහරපද කියමින් ඉතා අසෝභන ලෙස හැසිරෙමින් පැමිණියේ සියලු මගීන්ට අපහසුවන ලෙසය. අපටත් එවැනි පාසල් කාලයක් තිබු බැවින් සහ අපිත් එකළ එසේ හැසිරුණ බව මතක් වීම නිසා ඔවුන්ට කිසිවක් නොකියා පාඩුවේ පැමිණියේ තරුණ වයස එහෙම නිසා බව දන්නා බැවිනි.

කෙසේ හෝ ඔවුන් කණ්ඩායම පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් බැසීමට සුදානම් විය.දුම්රිය නැවැත්වීමෙන් පසු ඔවුන් කෑකෝ ගසමින්ම දුම්රියෙන් බැස යන්නට විය.ඔවුන් බැස යාමෙන් පසු දුම්රිය නැවත පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පිටත් විය.ඒ අතරම මා විසින් රැගෙන ආ ගමන් බෑගය දුම්රිය ගමන් මලු රදවන ස්ථානයේ නොමැති බව දුටුවේ දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදෙන විටය.වටපිට කිසිදු තැනක බෑගය නොමැති බව දුටුවිය මට උන් හිටි තැනුත් අමතක විය.ඇදුම් පැළදුම් සමග බෑගය නැතිවූවානම් කිසිදු ගැටළුවක් නැත,එසේනම් හිත හදාගන්න තිබුණි.නමුත් මා සන්තකයේ තිබු වටිනාම දේවල සියල්ල මාගේ ගමන් මල්ලේ විය.මාගේ ලැප්ටොප් පරිගණකයත්,මාගේ සියලුම ජායාරූප දත්ත තොරතුරු රදවා තිබු අමතර හාඩ්ඩ්‍රයිව් දෙකත්,මාගේ කැමරා දෙකත්,ඒවායේ ලෙන්ස් කිහිපය ඇතුළු අනෙකුත් කැමරා උපකරණ සියල්ලත් මාගේ බෑගයේ විය.මුදලින් ලක්ෂ හය හතක වටිනාකමින් යුක්ත සියලු උපකරණ මුදලේ වටිනාකමට වඩා කිහිප ගුණයක් මට වටිනා නිසා එක්වරම කරකියාගත නොහැකිව අන්ත අසරණ විය.

ගමන් කරන දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් තරමක් ඉදිරියට වේගයෙන් ගමන් කරමින් තිබුණි.කලබලයට පත්වූ මා දුම්රියේ හදිසි දම්වැල අදින ලෙස ඒ අසල සිටි අයට කෑ ගසා කියූමුත් එක්වරම සිදුවී ඇත්තේ කුමක්දැයි නොදන්නා ඔවුන් උඩ බිම බලමින් සිටියේය.කිසිවෙකුත් දම්වැල නොඇද්ද නිසා ගමන්කරන දුම්රියෙන් බිමට පැන වේගයෙන් නැවත දුම්රිය ස්ථානය වෙත දිවගියේය.ඒ අතර කිසිවෙකු හෝ විසින් දම්වැල ඇදීම නිසා සියලු දුම්රිය මගින් කළබලයට පත් කරමින් දුම්රිය අතරමග නැවැත්විය.

දුම්රිය පසුකරමින් වේගයෙන් මා දිවගියේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ පිටවීම් දොරටුව වෙතයි.ඒ වනවිටත් අර මුස්ලිම් පාසල් ශිෂ්‍යයින් එකිනෙකා ගේට්ටුවෙන් එළියට යමින් සිටියේය,එතන සිටි දුම්රිය නිලධාරීන්ට මා මුහුණ පෑ තත්වය පැහැදිලි කිරීමෙන් පසු ඔවුන් වහා පිටවීමේ දොරටුව වසා දැමුවේය.පසුව පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ නිලධාරින් සහ ගමන් කරමින් තිබු උදයා දේවි දුම්රියේ නිලධාරිනුත්,දුම්රිය ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් කිහිපදෙනාත් පැමිණ අර පාසල් ශිෂ්‍යන් පිරිස රදවා තබා ගත්තේය.

පසුව ඔවුන් අතේ තිබු ඔවුන්ගේ ගමන්මළු අතර එක පාසල් ශිෂ්‍යයෙක්(සොරෙක්) සගවාගෙන සිටි මාගේ ගමන්මල්ල මා දුටුවේය.ක්ෂනිකයෙන් ඔහු අල්ලාගත් අතර ඔහුගෙන් ගමන්මල්ල උදුරාගෙන එහි මාගේ උපකරණ ඇත්දැයි බැලු අතර.පොල්ගහවෙල දුම්රිය පොලිසිය ක්ෂණිකව ඔහුව අත්අඩංගුවට ගත්තේය.දුම්රිය නිලධාරින් සහ පොලිසිය ඔහුව ඉවතට රැගෙන ගොස් ඉදිරි නීතිමය කටයුතු සදහා මට පැමිණිල්ලක් දමන ලෙස කිවේය.

සොරකමක් සිදු කලත් තවමත් පාසල් ශිෂ්‍යයයෙක් නිසාත්,ඔහු සමග සිටින අනෙක් පාසල් ශිෂ්‍යයන් එයින් අපහසුතාවය පත්වන නිසාත්,නවතා ඇති දුම්රියේ මගීන් සියලුදෙනා බලා සිටින නිසාත්,මාගේ සියලු බඩු බාහිරාදිය සමග ගමන් මල්ල නැවත මට ලැබුණු නිසාත් පැමිණිල්ලක් අනවශ්‍ය බව කියා ඔහුව අත් හරින ලෙස මා පොලිසියට පැවසීමෙන් පසු දැඩි ලෙස අවවාදකොට ඔහුව මුදා හැරියේය.ජිවිතේ මා මුහුණදුන් ඒ අප්‍රසන්නම අත්දැකීම කිසිදු දිනක අමතක නොවනු ඇත.!

එම අසීරු අවස්ථාවේ මාහට උදව් කළ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත්,කොලඹ බලා පැමිණෙමින් තිබු උදයාදේවි දුම්රියේ රියදුරු මහතා ඇතුළු කාර්ය මණ්ඩයටත්,පොල්ගහවෙල දුම්රිය පොලිසියේ නිලධාරීන්ටත් මාගේ ගෞරව ප්‍රණාමක ස්තුතිය පුද කර සිටිමි.මුදලේ වටිනාකමට වඩා එම උපකරණ නැතිව ගියානම් මට සිදුවන පාඩුව ඉලක්කම් වලින් ගණන් හැදීමට නොහැකි වනු ඇත !!!

 ඊළඟට අපි ඒ සදහා වැටී අැති කාෙමන්ටු හා  රචකයාග්‍ෙ ප්‍රතිඋත්තර කිහිපයක් බලමු.

Dasun Wanaguru ප.ලි –
දෙකොණ පූට්ටු වෙච්ච ඊනියා රැඩිකල් හිවල්ලු මෙතන සහජිවන රෙද්දවල් ගැනනම් කියවන්න එපා ! හොදටම තදවෙලා තියෙන්නේ මට එච්චරයි!

 hrs

Indika Madhushanka ශික් .. අපරාදේ බං, දෙන්න තිබ්බේ හඳ පලුවයි තනි තරුවයි ඔලුව වටේ කැරකෙන්න !!

Like · 7 · 16 hrs

Dasun Wanaguru අම්මපා ඒ වෙලාවෙනම් ඒකත් නොහිතුනාම නෙමේ..
උන් සත්තු උනාට අපිට සත්තු වෙන්න බෑනේ.ඒකයි පැමිණිල්ලක් නොදාම හැරුනේ.

ඊළඟට අපි රචකයාග්‍ෙ ප්‍රොෆයිල්  ඒක බලමු.

9Past: Photographer and Writer

අාදර්ශය:-සහතික මිනිසුන් බුද්ධිමත් නොකරයි !

Advertisements
Published in: on 2015 දෙසැම්බර් 27 at ප.ව. 4:47  Comments (2)  

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2015/12/27/%e0%b6%af%e0%b7%9c%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%bd%e0%b7%99%e0%b6%a9%e0%b7%8f-%e0%b7%80%e0%b7%93%e0%b6%b8/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාර 2ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. අර ප්‍රතිචාරයත් සමග ඔබේ අප්‍රසන්න අත්දැකීම වෙන දිහාවකට ගෙන යනවා. මොක වුණත් බඩු ටික නැති වූවා නම්, මේ දිනවල ඔබ ඉන්න හැටි සිතා ගන්න හැකියි.

    ඔබේ කතාව සතුටුදායක අන්තයකින් කෙළවර වුවත්, එය අන්තිමට ඛේදාන්තයක් ම තමා. අර වගේ දරුවන්ට කවුන්සිලින් වලට නිර්දේශ කරන්න තැනක් වත් හොයා ගත්ත එක ලොකු දෙයක් නේ. 😉

    කැමතියි

  2. මාර දරු පරපුරක්නේ අපිට ඉන්නේ……..

    කැමතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: