නීතිය නැවිලලු!

download (2)

නීතිය ඇකිලිලා නැවිලා  ගිහිල්ලා ,අනේ අපොයි ! හිටපු රජ කුමාරයෙක්  තබනා විටදී දෙස්

නීතිය ගැන පොඩ්ඩක් විතර දන්නා අපටත් බැරිවිය සිටින්නට දිව විකාගෙන

ඔය දාගෙන ඉන්න කළු ලෝගුව වත් මල් කුමාරයෝ

දාගත්තේ නීතිය කෙලින් කරල ද නැතිනම් නවලද දෙකට ?

 

ලංගම බස් එකට ,ආටා එකට  පොඩි මිනිහට තහනම්ය වාහනයක යාම

ඒ වුනාට ගරුතර දළදා මාලිගාව වටා යන කොට නයිට් රේස්

මුඛ බන්ධනය කර දැමුවේ  ලොකු සාදුන්ගේ

නීතිය කෙලින් කරල ද නැතිනම් නවලද දෙකට?

 

ක්‍රිෂ්  ගනුදෙනුව, හෙලිකොප් වංචාව  මේ එළිවුණු එක දෙකකි

වන්දනාගේ ගෙට පැන ෆයිල් උස්සන්න

කැම්පස් එකට  හොර පාරෙන් බත් ගොට්ටන් රිංගීම කළේ

නීතිය කෙලින් කරල ද නැතිනම් නවලද දෙකට?

 

ලසන්ත, තාජුඩීන් මහ මඟ පණ යාම

පෝද්දල ජයන්ත ,උපාලි පන බේරාගෙන පැන යන තුරු තැලීම

චන්දය ඉල්ලු ෆොන්සේකා හිරේ දමා ,අග විනිසුරු බලු විදියට එළවූයේ

නීතිය කෙලින් කරල ද නැතිනම් නවලද දෙකට

 

මේවට  උත්තර නොලැබ නිකම්ම හුළඟේ යන බව දනිමි

ඒ වුනාට මේ ටිකවත් ඇහුවේ බැරි නිසා  කට වහගෙන ඉන්න නිකන්

ඇහෙනා විට ශ්‍රී මුඛ වලින් ඉස්සර   තිබූ කෙලින්

නීතිය දැන් තමයි නැවෙන්නේ හුළඟට වැනෙන්නේ !

 

Published in: on 2016 අගෝස්තු 21 at පෙ.ව. 2:24  Comments (1)  
%d bloggers like this: