සිංහල බ්ලොග් රචකයන්ට ආදරයෙනි!

මා නම් සිංහල බ්ලොග් රචනයට  පිවිසියේ දැනට වසර පහක් පමණ වූ ඉතා මෑත භාගයේ දී ය.නොහිම් අයුරින්  අන්තර්ජාලය තුළ සැරිසරන විට මේ  අනත්ත වූ මහා අවකාශය තුළ සිංහල පමණක් දත් පාඨකයාට කියවන්නට,වහරන්නට ,හැසිරෙන්නට ඇත්තේ කෙතරම් පටු ඉඩක්ද, එවැනි වාතාවරණයකදී ඔවුන් දන්නා  sex සර්ච් කිරීමට වැඩි වැඩියෙන්  පෙළඹීම අභව්‍ය කරුණක්  නොවනා බැව් හඟිමින් සිටියදී අහම්බයෙන් මෙන් සිංහල බ්ලොග් කිහිපයක් කියවන්නට ලැබ එයින් අමන්දානන්දයට පත්වෙමින් මමද බ්ලොග් ලියන්නෙකු බවට පත්වීමී.

ලියන්නට උපන්ගෙයි කම්මැලියෙකු වූ මා නම් මෙතෙක් ලියා ඇත්තේ මසකට එකක් පමණ වූ බ්ලොග් ලියවිලි වුවද බ්ලොග් කියවීම දිනපතාම පාහේ චාරිත්‍රයක් සේ සිදු කරමි.සම්ප්‍රදායික කඩදාසි ලේඛන කලාව තුළදී කිසිදිනකදී මතුනොවිය හැකිව තිබූ අපූර්ව ලේඛන  මෙකී තාක්ෂණ භාවිතය නිසා පීදී විහිදී විසිරෙන ආකාරය බලා අප්‍රමාණ සතුටක් විඳිමි.නමුත් අනෙකුත් භාෂාවන් හා සසඳා බලනා කල  සිංහලයෙන් කියවන්නට ඇත්තේ  කෙතරම් සුළු ප්‍රමාණයක්ද?එසේම තම හැඟීම් ඊ-මුද්‍රිත අකුරු බවට හැරවීමට ලේඛන ශක්තියක් හා තාක්ෂණික  පොහොසත් භාවයක්  හා ඒ පිළිබඳ උනන්දුවක් ඇත්තේ  කෙතරම් සුළු පිරිසකටද?

එබැවින්  මට හැඟෙනා ආකාරයට සිංහල බ්ලොග් ලියන්නන් තව දහස් ගණනින් මතු වීම විනා ,දැනට සිටින  බ්ලොග්වේදීන් පවා  මෙම වේදීකාවෙන් බැස යාම හෝ බැස යැවීමට කටයුතු කිරීම නොමනා යැයි සිතමි.

එ් ආකාරයට පටු අන්තවාදී දේශපාලන පවුරක් තමා වටා තනා ගැනීම නිසා තමා විසින්ම විප්‍රවාසයට පත් සොඳුරු ගවේෂකයෙකු හා අපූර්ව සූපවේදියෙකු වූ මාරයාගේ  හෝරාව මෙන්ම ,සම්ප්‍රදායික ආසියානු අප්‍රිකා ලතින් ඇමරිකා සමාජයන්හි දැකිය හැකි පරිදි ස්ත්‍රී සහභාගීත්වයේ  කුදු බවක් (ක්ෂුද්‍රතාවක්?)තිබියදී ඉතා මනෝ රම්‍ය ,ආශක්ත  ලේඛන  ශෛලියකින් පිරුනාවූ නුවර කුමාරි වැනි සැබෑ කාන්තා ලියවීමක් නැවතී තිබීම ගැන ඇතිවන්නේ බලවත් කණගාටුවකි.(මේ  සංක්ෂිප්ත ලියවිල්ලක් බැවින් මෙහි සඳහන් කළේ එවැනි කිහිපයක් පමණි)

එනිසා කවර තත්වයක් තුළදී වුව පුහුදුන් මිනිස් ගති හඳුනාගනිමින්ද,මෙම අන්තර්ජාල තාක්ෂණයේ බලවත්කම මෙන්ම අඩුලුහුඩුකම් වටහාගනිමින්ද  නොනැවතී ඉදිරියට යාමට සිංහල බ්ලොග්වේදීන්ට මෙන්ම සින්ඩිකේටරකරුවන්ටද ශක්තිය හා ධෛර්යය ලැබේවා යැයි පතමි.

 

Advertisements
Published in: on 2016 සැප්තැම්බර් 8 at පෙ.ව. 6:41  Comments (2)  

The URI to TrackBack this entry is: https://kolayak.wordpress.com/2016/09/08/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a0%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%86%e0%b6%af%e0%b6%bb/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාර 2ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. […] සිංහල බ්ලොග් රචකයන්ට ආදරයෙනි! […]

    කැමතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: