අමරදේවයන් අභාවප්‍රාතවීමේ සොවෙන් තැවෙනා අතර මෙවැනි මොහොතකදී නිරායාසයෙන්ම සිහියට නැඟෙන තවත් පුද්ගලයෙක් ගැනද මට පැවසීමට තිබේ.ඒ නම් අකාලයේ වියෝ වූ වචනයේ පරිසමාප්ත අයුරින්ම ප්‍රවීන පුවත්පත් කලාවේදීයෙකු වූ අජිත් සමරනායකයි.ලාංකික සමාජ තලයේ යම්කිසි පෙරළියක් කළාවූ යම් පුද්ගලයෙකුගේ සදාකාලික නික්ම යෑමේ පාඩුව සමාජ හෘද සාක්ෂියට දැනෙනා විට ඒ චරිතය හා එහි භූමිකාව ගැන සුරුබුහුටි ලෙසින් භාෂාව හසුරවමින් රසවත් හා සාරගර්භ ලිපියක් ඉංග්‍රීසි භාෂාවෙන් එතුමෝ ලියා පළ කළහ.අජිත් සමරනායක ජීවතුන් අතර සිටියා නම් කෙතරම් අපූර්ව කියවීමක් අමරදේවයන් ගැන කරන්නට තිබූණානේදැ යි යන පශ්චස්තාපයත් සමඟ අමරදේවයන්ට මෙසේ සමුදෙන්නට සිතමි.
“Now cracks a noble heart,
Good night , sweet king,
and flights of angles
Sing thee to thy rest!” (ෂේක්ස්පියර්ගේ “හැම්ලට්” හි කවක් මඳක් වෙනස් කළෙමි!)