මෙහි දැක්වෙන්නේ මගේ දැනුමේ තරමට තවම කිසිදු මාධ්‍යයක ඡායාරූප හෝ වෙනත් දෘශ්‍ය සටහනක් ලෙස ප්‍රසිද්ධ වී නැති අප රට තුළ ඇත්තාවූ තවත් උණු දිය උල්පතක ඡායාරූප කිහිපයකි.කෙසේ වුවද මෙය තිබෙන තැන හෝ මාර්ග විස්තරයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමි.එයට හේතු මෙසේය.
1.අප ලෝකල් සංචාරකයන්ගේ තරම සක් සුදක් සේ දන්නා බැවින් මෙම භූමියේ පවිත්‍රතාවය හා ශාන්ත භාවය අනතුරේ හෙළීමට ඇති බලවත් අකමැත්ත.
2.බීමට සුදුසු ජලය සපයාගැනීම පිණිස දැඩි අර්බුදයක පෙළී සිටින අවට ගම්මාන කිහිපයක ජනතාව තම අවශ්‍යතා සඳහා ජලය සපයාගන්නාවූ ජල මුලාශ්‍රයක් මේ අසලම පිහිටා තිබීම.
3.මෙතැනට යෑමට සිදුවන කරදරයට තරමට ෆන් එකක් එතැනදී නොලැබෙතැයි අනුමාන කළහැකි වීම.
4.සංචාරයකයන්ට සිත්සේ විවෘත වූද,මෙතැනට වඩා පහසුවෙන් ළඟා විය හැකි වඩාත් ජනප්‍රිය,වඩාත් ෆන් ගත හැකි උණුදිය උල්පතක් මේ ප්‍රදේශය ආසන්නවම පිහිටා තිබීම.







තවද ,අප ලෝකල් සංචාරකයන්ගේ පරිසර සංවේදීතාව පෙන්වීම සඳහා මට අසුවූ සරල උදාහරණ එකක් ,දෙකක් පමණ මෙහිදී උපුටා දැක්වීමට කැමැත්තෙමි.
1.චන්ද්‍රිකා වැව් බැම්ම සංචාරකයන් මඳක් නැවතී යන තැනක්

2.මුල්කිරිගල විහාර භූමියේ පුරා වස්තු හා අපේ ගනුදෙනුව

මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...