මගේ කොළය
ඇත්ත ලියන්නට හා බිම ඉඳගන්නට
සිංහල අළුත් අවුරුද්ද බොරු හිලකි .
ජන සමාජය කෘෂි ආර්ථිකය හා බැඳී සිටි එකල අළුත් අවුරුද්දට තේරුමක් තිබුණි.මක්නිසාද යත් මෙය දැඩි වෙහෙසකාරී හා ගලක් හිසමත තබා සිටින්නාක් මෙන් වූ දැඩි පීඩාකාරී විඩාවකින් පෙළෙන්නට සිදුවූ වකවානුවක් හමාර වී උදාවන්නක් හෙයිනි. වර්ෂා රටාවට අනුගත වෙමින්ද, පරිසර සාධක හා පොරබැද, පුරන් කොටා; සමහර විට දෙපාරක් , කැට පෙරළා,මඩ තියා නියර බැඳ, ලියදි වෙන් කර ,පෝරූ ගා ,බිජු වපුරා ඉනික්බිතිව දැන් සිහින් සුළඟේ තාලයට නැටවෙන පැලපත ගොයම මතුවූ කළ සැබවින්ම සැනසීමකි. හා! දැන් ඉතින් සාර සුබාවට සැරසී කාරිය කුඹුර පැත්තේ ඉඳහිට රවුමක් කැරකී ආවත් ඇතිය.ඉතින් මෙකල ගොවියාට නිවාඩු ඉස්පාසුවක් ඇත්තේය.මෙතෙක් නොකළාවූ ගෙදරදොර අඩු පාඩු බැලීමට,අම්මාට , අප්පුච්චාට , නැන්දාට , මාමාට ඉටු කළ යුතු යුතුකම් අතපසු වී ඇත්නම් ඒවා ගැන සොයා බැලීමට,දුරු රට ඉන්නා ඥාති හිතමිත්‍රාදීන් සමඟ පයිරුපාසානම් පවත්වා ගැනීමට මේ සුදුසුම කාලයයි.
එහෙත් නුතනයේ සේවා කර්මාන්තයේ යෙදී සිටින සේවා කම්කරුවන්ට මේ කාලය වැදගත්වේද?එවුන්ට එබඳු නිස්කලංකුවේ සිටීමට කාලයක් තිබේද?ඔවුන්ට මේ කාල සීමාව හා අවුරුද්දේ අනෙක් දවස් අතර කවර වෙනසක් තිබේද? හැබෑවටම වෙනසකට ඇත්තේ සිංහල අළුත් අවුරුද්ද නාමයෙන් ඉස්කෝල නිවාඩු දී තිබීමත්,සේවා කම්කරුවන්ට ආණ්ඩුව ගානේ දවස් දෙකක් රජයේ නිවාඩු ලබා දී තිබීමත්ය.(අනෙක් දවස් වල වැඩ නොකරත් රස්සාවට යන්ට එපායැ,අප්පා!) ඉතින් අප පුරුදු වී සිටින්නේ වඳුරාගෙන් පැවත එන කාලයේ තිබී දැනට කශේරුකාවේ ශේෂව පවතින්නාවු නැටි කෑල්ල මෙන් ,මොකට තිබෙන්නේ දැයි නොදැන එනමුත් තිබෙනා නිසා ඒ හා ගණුදෙනු කිරීමට වෑයම් කිරීමටයි.එබැවින් ඒනිසා කිරිබත්,අච්චාරු,කැවුම් ,කොකිස් යනාදි දකුණු ඉන්දීය, පෘතුගීසී,ඕලන්ද කෑම පමණක් නොව දැන් දැන් ෆයිඩ් රයිස් වැනි චීන කෑම කමින්ද,තේ හා ගල් අරක්කු බොමින් ද ;අලියාට ඇහැ තැබීම,ලිස්සන ගහේ නැඟීම,කොට්ටා පොර ගැසීම,බනිස් කෑම,අවුරුදු කුමර කුමරියෝ තේරීම වැනි වෙනත් සංස්කෘතික සමාජයන්ගෙන් අහුලා ගත්තාවූ විවිධ ක්‍රියාකාරකම් අපේ ජාතික අංග ලෙස හුවාපාමින් අගේ වඩමින් නියැලෙමු.ඒ හැරෙන්නෙට රතිඥ්ඥාද පත්තු කරමු. කෙසේ වුවත් මේ අභූත සිතුවිලි වලින් මනාව ප්‍රයෝජනයට ගන්නේ වෙළෙන්දායි.ඔහු මේ සිංහල මනාව තොරොම්බල් කරයි.මේ නිසා මාස්පතාම අළුත් රෙදි පිළි මිළඳී ගැනීම සිදුකලත් කවදාවත් රෙදි නෑදු ගණනට අපේ උදවිය රෙදි කඩවල පොරකයි.ඉලෙක්ට්‍රොනික උපාංග හා අළුත් අවුරුද්ද සමඟ ඇති සම්බන්ධය කුමක්දැයි වටහා ගත නොහැකි නමුත් වෙළෙන්දා අළුත් ප්‍රමෝෂන් කැම්පෙයින් හඳුන්වා දෙයි:අප ද ණයවී ගෙවීමේ ක්‍රමයට ඒවා ගෙනයත්!ප්ලාස්ටික් බඩු වලටත් ,ෆ්ලෝ ටයිල් වලටත් මාර ඉල්ලුමක් ඇත්තේ ඒ හා සිංහල අවුරුද්ද හා තදනතර ආත්මීය බැඳීමක් ඇතිසේය!
අළුත් අවුරුද්දේ සම්බන්ධතා අළුත් වෙනවා යැයි කිවුවාට අඩු ගණනේ අල්ලපු වැටේ සිටින එකාවත් සමඟ අපේ සබඳතාවන්හි කඩතොළු අළුත්වැඩියා කරගැනීමට තරම් මෙම වත්මනෙහි පවතින අළුත් අවුරුදු සාධකය බරසාර නොවේ.(ඇත්තටම සේවා කම්කරුවාට මොන සමාජ සබඳතා ද ?) බොහෝ ඉඩකඩ ඇත්තේ තිබෙන සබඳතාවත් පළුදුවීමට කාරණා කටයුතු සිදුවීමයි.
“අපට ඩිස්ටර්බ් වෙනවා කියලා පොඩ්ඩක් වත් හිතන්නේ නැතිවයි අර ගොල්ලා පාටි දාලා ගෝසා කළේ”
කෝ! අපි ගියාට උන් අපේ ගෙවල්වල ආවද? බලමුකෝ ඊළඟ සැරේ !
නමුත් මේ සිංහල අළුත් අවුරුද්දයි!
සැ.යු. -මේ සේවා කම්කරු ගණයට දොස්තර ,ඉංජිනේරු,නීතීඥ,ගුරුවරු,පරිපාලන සේවකයන් ඇතුළු වැටුප් ලබන සියළු රජයේ හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් ඇතුළත් වේ.
මෙය බෙදාගන්න:
Tweet
වි-තැපැල්
මෙයට කැමති වන්න:
කැමතියි
පුරණය වෙමින්...
Published in:
Uncategorized
on 2018 අප්‍රේල් 12 at ප.ව. 12:01
ප්‍රතිචාරයක් ලබාදෙන්න
අප්‍රේල් 2018
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
« මාර්තු
මැයි »
ලේඛනාගාරය
අගෝස්තු 2020
මැයි 2020
අප්‍රේල් 2020
ජනවාරි 2020
ඔක්තෝබර් 2019
ජූලි 2019
ජූනි 2019
අප්‍රේල් 2019
ජනවාරි 2019
නොවැම්බර් 2018
අගෝස්තු 2018
ජූලි 2018
මැයි 2018
අප්‍රේල් 2018
මාර්තු 2018
නොවැම්බර් 2017
ජූලි 2017
අප්‍රේල් 2017
මාර්තු 2017
දෙසැම්බර් 2016
නොවැම්බර් 2016
සැප්තැම්බර් 2016
අගෝස්තු 2016
මැයි 2016
පෙබරවාරි 2016
දෙසැම්බර් 2015
නොවැම්බර් 2015
මැයි 2015
පෙබරවාරි 2015
ජනවාරි 2015
දෙසැම්බර් 2014
නොවැම්බර් 2014
සැප්තැම්බර් 2014
අගෝස්තු 2014
ජූනි 2014
ජනවාරි 2014
දෙසැම්බර් 2013
නොවැම්බර් 2013
අගෝස්තු 2013
ජූලි 2013
මැයි 2013
මාර්තු 2013
ජනවාරි 2013
දෙසැම්බර් 2012
නොවැම්බර් 2012
ඔක්තෝබර් 2012
සැප්තැම්බර් 2012
ජූලි 2012
මැයි 2012
අප්‍රේල් 2012
මාර්තු 2012
පෙබරවාරි 2012
ජනවාරි 2012
දෙසැම්බර් 2011
නොවැම්බර් 2011
ඔක්තෝබර් 2011
සැප්තැම්බර් 2011
අගෝස්තු 2011
ජූලි 2011
ජූනි 2011
මැයි 2011
KOTTU
අටම්පහිය
https://atampahiya.blogspot.com/
අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය
සිංහල වියුණු එකතුව
Follow මගේ කොළය on WordPress.com
නවතම ප්‍රතිචාර
නිර්නාමික
ව්‍යවස්ථාව විහිළුවක් වීම
පිළිබඳ
Pisachaya
එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පු…
පිළිබඳ
manjula
රෝයල් පාක් මිනීමැරුම හා ජනාධිප…
පිළිබඳ
Free Thinker
එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පු…
පිළිබඳ
නිර්නාමික
එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පු…
පිළිබඳ
Add your thoughts here... (optional)
Post to
අවලංගු කරන්න
Send to Email Address
Your Name
Your Email Address
අවලංගු කරන්න
Post was not sent - check your email addresses!
Email check failed, please try again
Sorry, your blog cannot share posts by email.
Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here:
Cookie Policy
%d
bloggers like this: