එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පුළුවන්ද…….?
අප නිවසේ සිට මීටර 5 ක් පමණ දුරකින් පිහිටා තිබෙන අසල්වැසි නිවසක මේ දිනවල පවුල් ආරවුලක් හටගෙන ඇත. එය අපට ඉතා ආසන්නයේ පිහිටා තිබීම නිසා එහි පවතින ගැටළු අපගේ ගැටළු තරමට සමීප වී තිබේ.පිරිමියාගේ ගෝරනාඩු ,ගැහැණියගේ බෑගිරි ගැසීම්,වැළපිලි,පොඩි එවුන්ගේ ලතෝනි,ගේට්ටු හෝ දොරවල් අරින වහන ශබ්ද , වාහන යන එන ,හරවන ශබ්ද නිසා නිරන්තරව නිතැනින්ව අපගේ අවධානය ඔවුන් වෙතට යොමුවේ.වයස අවුරුදු තිස් ගණන් වල මුල්භාගයේ ගෙවන මේ තරුණ ජෝඩුවට දරුවන් දෙදෙනෙකු සිටී.ගෙදර වාසය කරන්නේද ඒ හතර දෙනා පමණකි.තරුණයා රියදුරු උපදේශකයෙකු ලෙස කටයුතු කරන නමුදු ඒ රැකියාව ස්ථිර මට්ටමේ එකක් නොවේ.එහෙත් මෑතක දී කොළඹ පිහිටි ආයතනයක රැකියාවට ගිය මේ මනුෂ්‍යයා එහිදී වෙනත් ගැහැණියක හා සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබේ.පරණ පවුලේ මඟුල් පින්තූරයේ සිට ,ගිය ගමන්,කාපු බීපූ ආහාර ,කියවන ලද පොත්,මොවුන්ගේ නොයෙකුත් ආලිංගන පවත්වන (හිටගෙන,වාඩිවී,ඇලවී යනාදි වශයෙන්) පින්තූර ආදිය අන්‍යයන්ට ප්‍රදර්ශණය කරන
