එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පුළුවන්ද…….?


                                                                    අප නිවසේ සිට මීටර 5 ක් පමණ දුරකින් පිහිටා තිබෙන අසල්වැසි නිවසක මේ දිනවල පවුල් ආරවුලක් හටගෙන ඇත. එය අපට ඉතා ආසන්නයේ පිහිටා තිබීම නිසා එහි පවතින ගැටළු අපගේ ගැටළු තරමට සමීප වී තිබේ.පිරිමියාගේ ගෝරනාඩු ,ගැහැණියගේ බෑගිරි ගැසීම්,වැළපිලි,පොඩි එවුන්ගේ ලතෝනි,ගේට්ටු හෝ දොරවල් අරින වහන ශබ්ද , වාහන යන එන ,හරවන ශබ්ද නිසා නිරන්තරව නිතැනින්ව  අපගේ අවධානය ඔවුන් වෙතට යොමුවේ.වයස අවුරුදු තිස් ගණන් වල මුල්භාගයේ  ගෙවන මේ  තරුණ ජෝඩුවට දරුවන් දෙදෙනෙකු සිටී.ගෙදර වාසය කරන්නේද ඒ හතර දෙනා පමණකි.තරුණයා රියදුරු උපදේශකයෙකු ලෙස කටයුතු කරන නමුදු ඒ රැකියාව ස්ථිර මට්ටමේ එකක් නොවේ.එහෙත් මෑතක දී කොළඹ පිහිටි ආයතනයක රැකියාවට ගිය මේ මනුෂ්‍යයා එහිදී වෙනත් ගැහැණියක හා සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබේ.පරණ පවුලේ මඟුල් පින්තූරයේ සිට ,ගිය ගමන්,කාපු බීපූ ආහාර ,කියවන ලද පොත්,මොවුන්ගේ නොයෙකුත් ආලිංගන පවත්වන (හිටගෙන,වාඩිවී,ඇලවී යනාදි වශයෙන්) පින්තූර ආදිය අන්‍යයන්ට ප්‍රදර්ශණය කරන Related image පිටුවක් පවතින අතරම, අළුත් ප්‍රේමවන්තිය සමඟ පවත්නා ප්‍රේමය ප්‍රසිද්ධ වන ,ඇය හා ගන්නා ලද ප්‍රේමණීය පින්තූර (හිටගෙන,වාඩිවී,ඇලවී යනාදි වශයෙන්) හා සමාජ සාධාරණත්වය,දුර්වලයාට පිහිට වීමේ ගුණාංගයේ වැදගත්කම කියා දෙන වීඩියෝ කොටස් පමණක් නොව අභිධර්ම කොටස් ,තිරුක්කුරල් කවි ,හද සසල කරන සංවේදී පින්තූර මෙන්ම ආලය පිරුණු රොමෑන්ටික් පින්තූර ඇතුලත් නව Related imageපිටුවක් ද හුදී ජන පහන් සංවේගය සඳහා දක්නට ඇත.  මේ මිනිසා සතුව තමාගේ පැත්තෙන් කීමට කථාවක් තිබිය හැකිවුවද මොහු දැන් මාස කිහිපයක සිට ගෙදර නඩත්තුවක් නොකරයි.පොඩි එවුන් දෙදෙනෙකු හා වැඩිහිටි ගැහැණියකගේ ආහාර අවශ්‍යතා,ලෙඩට දුකට බෙහෙත් සපයා ගැනීම,වැඩිමල් එකා මොන්ටිසෝරි ගෙන යෑම,පොඩි එකාට කිරිපිටි,ඔපස් කඬයේ සිට රෙදි පිළි සපයා ගැනීම,ජල හා විදුලි බිල්පත් ගෙවීම යනාදි කුටුම්භයේ කුදු මහත් වියදම් ගැහැණිය මත පැවරී ඇත.මෙහි ඇති ශෝචනීය තත්වය වන්නේ පත්තර වල අපරාධ වාර්තාවන්හි  විස්තර කෙරෙන ආකාරයට බැලු විට “රූමතියක් ” යැයි කිව හැකි මේ ගැහැණිය මේ යුගයේ  ඇති “ක්ෂණික ප්‍රේමයක”  ප්‍රතිඵලයක් ලෙස පිරිමියාගේ උණුසුම් රැකවරණය පිළිබඳ අහස උසට බලාපොරොත්තු තබාගන්නා ලද රැකියා විරහිත කාන්තාවක වීමය.

දැන් දැන් මෙහි පවතින ප්‍රශ්නය උග්‍ර තත්වයට පත්ව ඇති අතර තමාට ණයක්  ගෙවීම සඳහා මුදලක් ලබාගැනීමට   සිදුව ඇති නිසා  ගැහැණිය හා දරුවන් දෙදෙනා පදිංචිව සිටින නිවස නැතහොත් වෛවාහක නිවස විකිණීමට අවශ්‍යව ඇති හෙයින් එසේම මෙම කසාදය දික්කසාද කිරීමට ඔහු බලාපොරොත්තු වන බැවින්ද, මාස තුනක කාලයක්  ඇතුළත දරු දෙදෙනාද රැගෙන ගෙදරින් යන ලෙස පවසා  මේ පිරිමියා විටින් විට පැමිණ ගැහැණිය සමඟ දබර කරයි.එපමණක් නොව මේ දිනවල  වැඩිමහල් දරුවා ,’පාසලට ආසන්න පදිංචිය’ යන කාණ්ඩය යටතේ පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත්කිරීමේ සම්මුඛ පරීක්ෂණයට  සහභාගී වීමට නියමිතව ඇති නමුදු දරුවාගේ ස්වභාවික පියා වන මෙම මනුෂ්‍යා විසින් ගෙදර ඔප්පුවද රැගෙන ගොස් ඇති නිසා මෙම අවස්ථාවේ ලකුණු විශාල ප්‍රමාණයක් බර තබා ඇති ලේඛනයක් අහිමිව යතැයි ගැහැණිය  ඉමහත් ශෝකයෙන් තැවෙයි.මක්නිසාද යත් මෙම දේපල ලියැවී ඇත්තේ පිරිමියාගේ නමට නිසාවෙනි.

දෙවන සිදුවීම

මෙහි පිරිමියාගේ වයස අවුරුදු හැත්තෑ පහක් පමණ වේ.ගැහැණියට හැත්තෑවක් පමණ වේ.මොවුන්ට දරුවන් පස් හයදෙනෙකු පමණ ඇතැයි යැයි පැවසෙන අතර ඔවුන්ගෙන් ඇතැමෙකු විවාහ වී දරුමල්ලන් ලැබ දිවයිනේ සතර දිග්භාගයේ පදිංචිව සිටින අතර අවිවාහක දූවරු දෙදෙනෙකුද මහගෙදර වාසස්ථාන කර රැකියාවට යාම් ඊම් කරමින් සිටිති.මෑතක සිට  මේ පවුලේද ප්‍රශ්ණයක් පැණ නැඟී ඇත.එය නම්  මෙම පවුලේ කාන්තාව නැතහොත් දරුවන්ගේ අම්මා  එක එක දරුවාගේ එක එක මුණුපුරු මිනිබිරියන් බලා කියා ගැනීමට හිතෙන හිතෙන වේලාවලට කැඳවෙන හෙයින් පහුගිය කාලය පුරාවටම තම ස්වාමියාගේ නිවසේ සිටීමට ඇයට නොහැකි වී ඇත.ඉඳහිට බණ පොතක් කියවූවද පෘතග්ඡන පුද්ගලයෙක් වන මේ මිනිසා ඉන්  බොහෝ සේ කිපී ඇත.එමෙන්ම  මේකා හැට පැන්නද බිමින් නොයන වඳුරෙකු සේ තරුණ කළ පැවති  දඟය;විසය තවමත් ඇතැයි සිතා සිටින නාකි මනමාලයෙකු ලෙස ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටියි.දේපල වල හිමිකම දෙමාපියන්ගෙන් බලහත්කාරයෙන් තම නමට ලියවාගෙන ඇතැයි පැවසෙන මේ මිනිසා මේ දිනවලමෙම නිවස විකිණීමට අැත” යනුවෙන් සඳහන්  බෝඩ් ලෑල්ලක් නිවස ඉදිරිපිට ප්‍රදර්ශණය කරයි.මහගෙදරත් එම ඉඩමත් විකුණා දමා හිස හැරුණු අතක යන බවට කඩපිළවල් හි සිට කැට තබා දිවුරයි.ඒ මහ ගෑනියගෙන් හා අකුරුතඥ දරුවන්ගෙන් පළිගැනීමටය.

ඉතින් මේ ප්‍රශ්ණ වලට පිළියම කුමක්ද? මොවුන්ට සදාචාරය,සහජීවනය,යහපැවැත්ම මෙන්ම කුසල් අකුසල් ගැන කියා දීමද   වැදගත් වන නමුත්  එවා අවබෝධ කරදීම එවුන්ගේ ඥාන මණ්ඩලයට අනුව කල් ගතවන වැඩක් විය හැකි බැවින්ද ,පව් පඩිසන් දෙන තුරු බලාසිටීම ඊටත් වඩා කාලයක් ගතවන වැඩක් විය හැකි බැවින්ද ,අප්‍රමාදව නීතියේ පිළිසරණ පැතීම ඥානාන්විත ක්‍රියාවක් යැයි පැවසිය හැකිය.2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත යටතේ වහාම පැනවිය හැකි අතුරු ආරක්ෂක ආඥාව  මඟින්  (මෙම අතුරු ආඥාව පැනවීමට පොරොතුව වගඋත්තරකරු දැනුවත් කිරීම අවශ්‍ය නොවන අතර එවැනි ආඥාවක් පැණවීමේ බලවත් අවශ්‍යතාවය වින්දිත පාර්ශවය විසින් අධිකරණයට ඒත්තු ගැන්වීම ප්‍රමාණාත්මක වේ.)මෙන්ම අප්‍රමාදී නඩු විභාගයකින් පසුව පැනවිය හැකි ආරක්ෂක නියෝගයක් මඟින්  දේපල කාගේ නමට තිබුණද වින්දිතයා අසරණ තත්වයට පත්වන ආකාරයට  වෛවාහක නිවස විකිණීම,පැවරීම,අන්සතු කිරීම,බරක් පැවරෙන අාකාරයට පත් කිරීම අධිකරණයට තහනම් කළ හැකිය. (selling, transferring, alienating or encumbering the matrimonial home so as to place the aggrieved person in a destitute position-sec.11) එසේම  මෙම පනත යටතේ නඩු පැවරීමක් පුද්ගල සිවිල් නඩුවක් ලෙස මෙන්ම පොලීසිය විසින්ද කළ හැකි අතර අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නොමිලයේ පෙනී සිටීමක් දිවයිනේ සෑම උසාවියකම පාහේ පවත්වාගෙන යනු ලබන නීති ආධාර  කොමිසම මඟින් සිදුවීම මෙහිදී ඉතා වැදගත් කරුණක් සේ සැලකිය හැකිය.

(මෙම පනතේ ප්‍රභවය හා  එයට බල පෑ ජාත්‍යන්තර බලපෑම පිළිබඳව අප හදවතින් පමණක්ම  ලාංකික වූ-ජාතික නිදහස් පෙරමුණේ මුසාම්මිල්, මහතා වැනි – මෙන්ම සිංහල ජාති ආලයෙන් පිරුණු දුහුනන්ගේ දැනගැනීම සඳහා ඊළඟ ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.)

Advertisements
Published in: on 2018 අගෝස්තු 17 at ප.ව. 2:54  Comments (2)  

ප්‍රතිචාර 2ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. Me wagema siddiyak ape hithawathekutath wele thiyenawa.
    Ee widihata gedarin yawanna bariwenna karanna ona monawada kiyala ,eka gana thorathuru labaganna widihak kiyanawada.
    Thank you.

    කැමතියි

    • ක්‍රියා කළයුතු ආකාරය හරිම ලේසියි .එක් ක්‍රමයක් නම් මෙරට සෑම පොලීසියකම පාහේ ළමා හා කාන්තා ඒකකයක් ක්‍රියාත්මක වන අතර එහි ගොස් අදාළ නිළධාරියන්ගෙන් උපදෙස් ලබා ගත හැකියි.පොලීසියට යෑමට බයවෙන්න අවශ්‍යතාවයක් නැහැ.මක්නිසාද යත් මෙවැනි කාර්යාංශයන් භාරව ඉන්න නිළධාරියන් සාමාන්‍යයෙන් මහජන සම්බන්ධතා ගැන හොඳ පුහුණුවක් මෙන්ම අදාළ නීතිමය සහනයන් පිළිබඳව මනා පරිචයක් ලද අය නිසයි.එසේත් නැතිනම් තවත් ක්‍රමයක් නම් ලංකාවේ සෑම උසාවියකම පාහේ පිහිටුවා ඇති නීති ආධාර කොමිසම කාර්යාලයට ගොස් එහි සිටින නීතිඥ මහත්ම මහත්මියන්ගෙන් අදාළ උපදෙස් නොමිලේ ලබාගත හැකියි.එසේත් නැතිනම් ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පනත සාර්ථකව බලාත්මකව පවතින නිසා ඔබ හිතවත් නීතිඥවරයෙකුගෙන් අදාළ උපදෙස් විමසා සිටින්න.

      කැමතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: