එහෙමත් ගෑනිව ගෙදරින් එලවන්න පුළුවන්ද…….?
අප නිවසේ සිට මීටර 5 ක් පමණ දුරකින් පිහිටා තිබෙන අසල්වැසි නිවසක මේ දිනවල පවුල් ආරවුලක් හටගෙන ඇත. එය අපට ඉතා ආසන්නයේ පිහිටා තිබීම නිසා එහි පවතින ගැටළු අපගේ ගැටළු තරමට සමීප වී තිබේ.පිරිමියාගේ ගෝරනාඩු ,ගැහැණියගේ බෑගිරි ගැසීම්,වැළපිලි,පොඩි එවුන්ගේ ලතෝනි,ගේට්ටු හෝ දොරවල් අරින වහන ශබ්ද , වාහන යන එන ,හරවන ශබ්ද නිසා නිරන්තරව නිතැනින්ව අපගේ අවධානය ඔවුන් වෙතට යොමුවේ.වයස අවුරුදු තිස් ගණන් වල මුල්භාගයේ ගෙවන මේ තරුණ ජෝඩුවට දරුවන් දෙදෙනෙකු සිටී.ගෙදර වාසය කරන්නේද ඒ හතර දෙනා පමණකි.තරුණයා රියදුරු උපදේශකයෙකු ලෙස කටයුතු කරන නමුදු ඒ රැකියාව ස්ථිර මට්ටමේ එකක් නොවේ.එහෙත් මෑතක දී කොළඹ පිහිටි ආයතනයක රැකියාවට ගිය මේ මනුෂ්‍යයා එහිදී වෙනත් ගැහැණියක හා සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබේ.පරණ පවුලේ මඟුල් පින්තූරයේ සිට ,ගිය ගමන්,කාපු බීපූ ආහාර ,කියවන ලද පොත්,මොවුන්ගේ නොයෙකුත් ආලිංගන පවත්වන (හිටගෙන,වාඩිවී,ඇලවී යනාදි වශයෙන්) පින්තූර ආදිය අන්‍යයන්ට ප්‍රදර්ශණය කරන

Me wagema siddiyak ape hithawathekutath wele thiyenawa.
Ee widihata gedarin yawanna bariwenna karanna ona monawada kiyala ,eka gana thorathuru labaganna widihak kiyanawada.
Thank you.
කැමතියිකැමතියි
ක්‍රියා කළයුතු ආකාරය හරිම ලේසියි .එක් ක්‍රමයක් නම් මෙරට සෑම පොලීසියකම පාහේ ළමා හා කාන්තා ඒකකයක් ක්‍රියාත්මක වන අතර එහි ගොස් අදාළ නිළධාරියන්ගෙන් උපදෙස් ලබා ගත හැකියි.පොලීසියට යෑමට බයවෙන්න අවශ්‍යතාවයක් නැහැ.මක්නිසාද යත් මෙවැනි කාර්යාංශයන් භාරව ඉන්න නිළධාරියන් සාමාන්‍යයෙන් මහජන සම්බන්ධතා ගැන හොඳ පුහුණුවක් මෙන්ම අදාළ නීතිමය සහනයන් පිළිබඳව මනා පරිචයක් ලද අය නිසයි.එසේත් නැතිනම් තවත් ක්‍රමයක් නම් ලංකාවේ සෑම උසාවියකම පාහේ පිහිටුවා ඇති නීති ආධාර කොමිසම කාර්යාලයට ගොස් එහි සිටින නීතිඥ මහත්ම මහත්මියන්ගෙන් අදාළ උපදෙස් නොමිලේ ලබාගත හැකියි.එසේත් නැතිනම් ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ ප්රචණ්ඩත්ව පනත සාර්ථකව බලාත්මකව පවතින නිසා ඔබ හිතවත් නීතිඥවරයෙකුගෙන් අදාළ උපදෙස් විමසා සිටින්න.
කැමතියිකැමතියි
හොඳ ලිපියක් ස්තුතියි. මලයා ඔය ගැන මං පහුගිය අවුරුදු දෙකේම ලිව්වා…
කැමතියිකැමතියි