මගේ කොළය
ඇත්ත ලියන්නට හා බිම ඉඳගන්නට
මා ඔබේ සෝමාවතී !
යන්ඩ එපා ! නොකියන් මට
මේ බයානක ගමන
දියට බට ලකුණු ඇති
-ගොඩට ආ ලකුණු නැති
සංසාරේ මෙතෙක් දුර
දෙවුර මත හිඳුවා
කැටුව ආ දරුවන්
අතරමඟ හැර දමා
කෙසේ නම් සැනසෙම්ද ?
කතරේ මල් පුබුදවමි
ගින්නෙන් දිය ගෙනෙමි
චණ්ඩ වෘක රැළ මැද
මගේ බැටළු රංචුව
බාරයි සුවාමිනේ
රස්සාව නැති ඔබට
මෙය බෙදාගන්න:
Tweet
වි-තැපැල්
මෙයට කැමති වන්න:
කැමතියි
පුරණය වෙමින්...
Published in:
commments
Uncategorized
on 2016 මැයි 5 at ප.ව. 12:49
Comments (3)
බයිට් ගැන කථා
විමලෙගේ වාං පතුල් කථා,
මම කියවීමට කැමති තවත් එක් බ්ලොග් සටහනකි. අපගේ මහා පඬි රුවනක් වූ යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිරයන් වහන්සේගේ “
වන කථා”
සිහිපත් කරවන කතා මැද කතා ඇති ඔහුගේ දිගු රචනා ශෛලිය ලිවීමට උපන් ගෙයි කම්මැලියෙක් වන මට නම් පුදුමයකි.ඉතින් පසුගිය දිනක මා කියවූ වාං පතුල් කථාවක තිබු බයිට් ගැන රසවත් කථා කියවූ මටද මගේ අත්දැකීමේ ඇති බයිට් කථා කිහිපයක්ද සිහිපත් විය.
එම සිද්ධින් සියල්ලම පාහේ එකල කොටි කටේ ගම්මානයක සිටියදී අත් විඳින්නට ලැබූ අවස්ථාවන්ය.එම ගම්මාන මායිම් ගම්මාන ලෙස හැදින්වුවද ඇත්ත වශයෙන්ම එ්වා තිබුණේ ඊනියා කොටි රාජ්‍යය ඇතුළේ දත් තිස්දෙක මැද නොහැපී සිටින දිව මෙන් හුදකලාව මෙන්ම අනතුරේය.
ඉදින් මේ ගමද ලංකාවේ වු බැවින් රාජ්‍ය සේවකයෝද එහි සේවයේ යවනු ලැබූහ.එකල එහි අතිශය අමාරු කාර්යයක් වූයේ එයින් මාරුවීමක් ගැනීමය.බලවත් දුක් ගැහැට මැද එහි සිටියාවූ ඔවුන් විනෝදාස්වාදයට මත්පැන් පානයට ඉබේටම පාහේ පෙළඔිණි .(ඇත්ත වශයෙන්ම වෙනත් දුරාචාරයන්ට ඇබ්බැහි වූ පුද්ගලයන් සිටියේ එකෙකු දෙන්නෙකු පමණක් වූ අතර ඔවුන් ප්‍රධාන කණ්ඩායමෙන් ඈත්ව සිටියෝය.එසේම නිලධාරියන් සිටියේ නැතිම වාගේ නිසා ඔවුන් විනෝදය උදෙසා කුමක් කළේදැයි නොදන්නෙමි.)මා කියන මේ කණ්ඩායමට සියළුම අාකාරයේ රජයේ සේවකයෝඇතුලත්වසිටියහ.දොස්තර,කැලෑමහත්තයා,කෘෂිකර්ම,ක්‍රීඩා, සමාජ සේවා,ජල පාලන මහත්වරු,ගුරුවරු,විදුහල්පතිවරු,ග්‍රාමසේවක රාලහාමිලා,AGA ඔෆීස් එකේ සියළුම නිලධාරී මහත්වරුද තවත් ඒ ආකාරයේ අය වශයෙන් වි
වි
ධ ආකාරයේ ආණ්ඩුවේ
මහත්තුරු
කොට්ඨාශ ද ඒ කණ්ඩායමේ සිටියෝය.
මේ කියන දිනයේ මෙයින් කිහිප දෙනෙකුට නිවාඩු දවසක දහවලක රහමෙර පානයට සිත් ඇති වූහ.මුදල් තත්වය ගැන බැලූවිට ළඟ පාතින් කළු කඩ මිළට අරක්කු ගන්නවාට වඩා මොරවැව බාර් එකෙන්ම මිළඳී ගැනීම නුවණට හුරු බව වැටහිණ.නමුත් ඒ ගමන යෑම තමා වැඩේ ! මහ දවල් වෙලාවේ දී වුව කොටි ගැවසෙන මේ අඩවියේ ගමන අවදානම්ය.මක් නිසාද බලු බල්ලෙක් වුවද නොගැවසෙන පාළු ඉසව් කිහිපයක්ම පසුකරගෙන යෑමට තිබුණ නිසාය.ඒ මදිවාට කකුල් හතරේ තනි අලියා ද කොහේ සිටී දැයි කිව නොහැක.එසේම තාර හා ගල් ගැලවී යෑම නිසා බොරළු පුරවා ඇති පාරය.අනික් අතට බ්රේක් නැති කෑලි හැලෙන පුෂ් සයිකල් දෙකක් කට්ට අවුවේ කිලෝ මීටර හත අටක් ඩබල් දාගෙන පැදගෙන යෑමය.ඒ කුමක් වුවද ඉටා ගත් කාර්යය කළ යුතුමය. කරදරයක් නැතිව නියමිත ස්ථානයට ගොස් අරක්කු ද මිළඳී ගත්තෝය.පෙරලා නැවත එන්නට ඇවිත් ටික දුරක් එද්දී මහන්සි දැනුන අතර මෙහිදී ඔවුන්ට කෙසෙල් ඇවරියේ මෙතඩ් එක මතක් විය.එනම් මේ අරක්කු වලින් යම්කිසි කොටසක් ඒවා රැගෙන ගිය විට ලැබෙන බවත් එය දැන්ම පානය කළා වුවද වරදක් නැති බවය.ඉතින් අතරමග හොද ආරක්ෂිත තැනක බයිසිකල් නතරකර මග යනෙන එවුන්ටද නොපෙනෙන සේ තප්පලම් දා ගත්තෝය.
ෂැන්ඩි කිසිත් නැතිව බෝතලය කට තබා බීම අසීරු කරුණක් වූයේ අපුල නැති කර ගැනීමට කිසිවක් හැපීමට නැති නිසාය.නිව්ටන් පරදන සොයා ගැනීමක් එකෙකු කළේ මෙහිදීය.ඒ අසල තිබූ පොල් ගසකින් වැටී තිබූ කුරුම්බා ඇට්ටියක් ගලක උෟරච්චි කර ස්ථානෝචිත අතුරුපසක් නිපදවීමයි! මදක් ලුණු රස හා කහට රසය මිශ්‍රවූ කල්කයක් බඳු එය දිවෙහි ගා ගනිමින් අපුලක් නැතිව දිව පිනවමින් අරක්කු පානය කළ හැකි බව සොයා ගත්තේ ඔවුන්ය !
නමුත් හොඳම සොයා ගැනීම එය නොවීය.එම සොයා ගැනීම කළේ
කපිල
විසිනි.මෙම කපිල යනු කවරෙක් ද යත් ,ඔහු මෙගමට රාජකාරි සඳහා පිටින් පැමීණෙන සියළු දෙනාගෙම අනිවාර්ය මිතුරෙකු බවට පත්වන එ් ගමෙහිම ව්‍යාපාරික තරුණයෙකි.නගර මධ්‍යයේ රෝහල ඉදිරිපිට වෙළඳසලක් පවත්වා ගෙන ගිය ඔහු හා පිටින් පැමිණෙන ඔිනෑම නිලධාරියෙකු මිතුරෙකු බවට පත්වන්නේ නිතැනිණි.ගමෙහි උපත ලැබුවද යොවුන් වියේ දී කොළඔ රටේ කරක් ගසා නොයෙකුත් කෝස් සෑහෙන ප්‍රමාණයක් හදාරා කරිජ්ජ පාගා ඇති අයෙකි.එබැවින් ඒ ගමේ ඇතමුන් මෙන් නොව ළිං කට තුළින් දකිනවාට වඩා විශාල ප්‍රදේශයක් දැක තිබීම නිසා ඕනෑම කෙනෙකු සමඟ ආශ්‍රයට මෙන්ම අළුත් දෙයකට ද බිය නොවීය.
කපිල මෙන්ම ඔහුගේ වෙළඳ සැලද අපූරු එකක් විය.සාමාන්‍යයෙන් ප්ලාස්ටික් භාණ්ඩ වෙළදසලක් වූවද එහි කාන්තා හා ළමා අරුමෝසම් භාණ්ඩ ,ඇක්සයිස් පොත් ඇතුළු ලිපි ද්‍රව්‍ය,තැඔිලි ,කෘමිනාශක මෙන්ම ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන දොස්තර මහතාගේ අනුග්‍රහය මත ඖෂධ ද එහි විකිණීමට තිබුණි.
ඉතින් පෙර සඳහන් කළ කණ්ඩායම ද කපිල ගේ ගජ මිතුරන් වූ බවත් ඒ අයට සෙට් වීමට කපිලගේ කඩය සොඳුරු නවාතැනක් වූ බවත් යළි යළිත් පැවසීම අවශ්‍ය නොවේ.නමුත් එ් සඳහා කඩය වසන තුරු ඉවසා සිටීමට වන බැවින් මෙතැන මදු විත පිරූ දිනවල එය ඇරඔුනේ ටිකක් රෑ බෝවී ගිය පසුය.
මෙසේ එක් දිනයක කණ්ඩායම මදුවිත පිරීමට කපිලගේ කඩයට රැස් වීමට තීරණය කළෝය.අරක්කු සෑහෙන පමණක්,ෂැන්ඩි ප්‍රමාණවත් තරම් මෙන්ම බයිට් වර්ගද විවිධාකාරයෙන් සුදානම් කර තිබිණ.ඒ තෙල් කෑම නොකන්නවුන් සඳහා තෙල් නොයොදා තම්බා ගත් කඩල,තෙල් කන අය සඳහා තෙල් වලින් තෙම්පරාදු කරගත් කඩල,බඩ පුරවන හැපීමක් අවශ්‍ය අය සඳහා තැම්බූ මයියොක්කා යනාදි වශයෙන් නා නා ප්‍රකාර වශයෙනි.කොහොමත් වැඩේ පටන් ගැනීමට මුදල් එකතු කරද්දී මේ රෙගුලාසි පැනවීම ස්වභාවික බැවින් ඒ අය සතුටු කිරීමට මේ ආකාරයෙන් කටයුතු කිරීමට සංවිධායකයන්ට සිදුවේ.
ඉතින් රෑ අට ,නමයට පටන් ගත් සාදය පසුවදා උදේ දෙක,තුන වනතුරු ඇඳී යයි.ගෙනෙන ලද බෝතල් ඉවර වුවද ප්‍රශ්ණයක් නොවන්නේ ලංකාවේ ඕනෑම තැනකදී ,ඕනෑම වේලාවකදී අරක්කු බෝතලයක් සොයා ගැනීමට බේබද්දාට හැකි බැවිනි.නමුත් බරපතල ගැටළුව වන්නේ බයිට් ටිකක් සොයා ගැනීමය.පෙර කී කණ්ඩායම ගෙන ආ බයිට් සියල්ල කා හමාර වී සියළු දෙනාම අහල පහල කඩ වලින් සපයා ගත් මුරුක්කු ,බයිට් පැකට්,බට්ටෝ,රෝස් පාන් ,සිල්ලර කඩ වලින් සපයා ගත හැකි උම්බලකඩ ,රතුළුෑණු යනාදියත් හපා හමාරය.දැන් ඉතින් අමු අමුවේ අරක්කු කටට හළා ගැනීමට බැරිව විරිත්තමින් සිටි මහත්තුරුන්ගේ පිහිට වුනේ කපිලය.හේ ෂෝකේසයක් ඇර බෝතලයක් ගෙන පෙති අහුරක් රැගෙන සියළු දෙනාගේ අතට දී බය නැතිව හපා කා අරක්කු බොන්නට යි කීවේය.
අප දන්නා පමණින් විටමින් c පෙති බයිට් වශයෙන් ගත් ලොව පළමු පුද්ගලයෝ ඔවුන් වූහ.
මේ අමුතු බයිට් සොයාගැනීම් මැද මෙතෙක් අප රස විඳි විශිෂ්ඨතම බයිට් එකද රස බැලීමට ලැබුණේ ගෝමරන්කඩවල දී බැවින් ඒ ගැනද සටහන් කළ යුතුමය.එ් පුරා විද්‍යා එකේ මුරකරුවෙකු ලෙස සේවය කළ තිස්ස අයියාගේ ආරාධනයට අනුව ඔහුගේ ගම වන පුලිකන්ඩිකුලමට ගිය අවස්ථාවේදී ය.
පිහිනීමට මෙන්ම කිමිදීමටද සමත් තිස්ස පුලිකන්ඩිකුලම වැවේ කිමිදෙන වාරයක් පාසා ඉස්සෙකු උගේ දිගු අල්ලා ගෙන ගොඩට ගෙන ආවේය.එම වැව් ඉස්සන් අප දැක පුරුදු මුහුදු ඉස්සන් මෙන් ඇඟිල්ලක් තරමේ එවුන් නොව පොකිරිස්සන් තරමේ දිගු ,මහත,වටකුරු මස් පිරුණු එවුන්විය. එවළේම ගොඩට ගෙන එවළේම මනාව තුනපහ යොදා පිස උණු උණුවේම සංග්‍රහ මේසයට එවන මෙබඳු අතුරුපසක් තරු හෝටලයකදී ගන්නේ නම් අස්ප මිළක් ගෙවීමට සිදු වනු ඒකාන්ත බවත් කිව යුතුමය!
Published in:
commments
Uncategorized
on 2014 සැප්තැම්බර් 24 at ප.ව. 12:13
Comments (2)
දකුණේ පතුලේදී /At The Deep South………………
නිවී ගිය දොළොස් මහේ පහනේ තනියට
සැඟව ගිය කලාකරු සොයායාම/(ලස්සන font එකක්)
එදා අපි සහ නුතන අපි (at Mulgirigala)
ඉතිරි වුනේ පින විතරයි….!(at Mulgirigala)
(more…)
මෙය බෙදාගන්න:
Tweet
වි-තැපැල්
මෙයට කැමති වන්න:
කැමතියි
පුරණය වෙමින්...
Published in:
commments
Uncategorized
on 2014 අගෝස්තු 30 at පෙ.ව. 5:56
Comments (6)
මැස්සා එළවූ වඳුරා හා තවත් කථා
මූ
ලිකවම මගේ සිතේ බුර බුරා නැගෙනපැණය නම් බෞද්ධ භික්ෂුවකට ජාතියක් තිබිය හැකිද යන වගයි.මා දන්නා බණ දහමේ තරමට නම් එසේ තිබිය නොහැක.
වන්නාටය, එතැනදී අප දන්නා තරම යැයි සිතමු,නමුත් කවර තරමේ ජාතියක භික්ෂුවකට වුවද තවත් ජාතියකට හිංසා කළ හැකිද? හෙළා තළා කථා කළ හැකිද? අභියෝග කළ හැකිද?කෙටියෙන් ඇසුවොත් තවත් ජාතියක සිරිත් විරිත් ,ආගමික සම්ප්‍රදායන් විවේචනයට ,වෙනස් කිරීමට බල කිරීමට තවත් ජාතියකට අයිතියක් දුන්නේ කවුද?(මෙහිදී හිට්ලර් මතක් නොකර සිටිමු !)
බොදු බල සේනාවේ නෝ ලිමිට් විරෝධය, හලාල් විරෝධය,කුරගල සටන යනාදී ක්‍රියාවලීන්ගෙන් පසුව එහි නායක ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කළ මහත්
අඥාන ප්‍රකාශයක් දැඩි සංවේගයෙන් අසා සිටියෙමි.එනම් එම ව්‍යාපාරයේ ඊළග ව්‍යායාමය වන්නේ මෙරට මුස්ලිම් කතුන්ගේ හිජාබය හා බුර්කාව ගැලවීමයි ! එයට හේතුව නම් මුස්ලිම් කතුන් හිජාබය හා බුර්කාව පැළද සිටීම නිසා විභාග ශාලා වලදී හා බැංකු ගණුදෙනු වලදී අනන්‍යතාවය තහවුරු කිරීම අපහසු වීම ලු!
සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදකාරි ප්‍රකාශයක් ඉදිරිපත් විය යුත්තේ අදාල රාජකාරීයන්හි යෙදෙන්නා වූ බලධාරීන්ගේ වාර්තා මගින් සිය ආයතන ප්රධානීන්ටය.එහිදී එවන් ගැටළුවක් වෙත් නම් ව්‍යවස්ථාදායකය මෙවැනි ඉතා සියුම් සංවේදී කාරණා සම්බන්ධව අදාළ පාර්ශවයන් කරන බැරෑරුම් සාකච්ජා මගින් තීරණයකට එළඔීම ප්රජාතන්ත්රවාදයේ ලක්ෂණයකි.ඒ හැරෙන්නට එක් ආගමික පුජක කණ්ඩායමක් තවත් ආගමික කරුණක් හා අරගලයකට අර ඇඳීම මහා ඛේදවාචකයකි.එය තවත් දරුණු වන්නේ මෙය රටක මහ ජාතිය තවත් සුළු ජාතියකට එරෙහි ව වන බැවිනි.එය වඩ වඩාත් දරුණු වන්නේ වෙනත් සුළු ජාතියක් මෙම මහජාතිය තමාට සිදුකරන්නාවූ හිරිහැර,මදි පුංචිකම්,අසාධාරණයන් වෙනුවෙන් යැයි ඇරඔුණු මහා ලේ හැලීමක වේදනා තවමත් පවතින අතරේ වීමය.
එබැවින් මට නම් කීමට ඇත්තේ කියන තැනකට වදින්නම් හාමුදුරුවනේ ඔවැනි අමන කතා තවත් නොකියන ලෙසය.
මෙය බෙදාගන්න:
Tweet
වි-තැපැල්
මෙයට කැමති වන්න:
කැමතියි
පුරණය වෙමින්...
Published in:
commments
Uncategorized
on 2013 ජූලි 12 at ප.ව. 2:25
Comments (2)
මාර්තු 2023
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
« සැප්.
ලේඛනාගාරය
සැප්තැම්බර් 2021
අගෝස්තු 2021
පෙබරවාරි 2021
අගෝස්තු 2020
මැයි 2020
අප්‍රේල් 2020
ජනවාරි 2020
ඔක්තෝබර් 2019
ජූලි 2019
ජූනි 2019
අප්‍රේල් 2019
ජනවාරි 2019
නොවැම්බර් 2018
අගෝස්තු 2018
ජූලි 2018
මැයි 2018
අප්‍රේල් 2018
මාර්තු 2018
නොවැම්බර් 2017
ජූලි 2017
අප්‍රේල් 2017
මාර්තු 2017
දෙසැම්බර් 2016
නොවැම්බර් 2016
සැප්තැම්බර් 2016
අගෝස්තු 2016
මැයි 2016
පෙබරවාරි 2016
දෙසැම්බර් 2015
නොවැම්බර් 2015
මැයි 2015
පෙබරවාරි 2015
ජනවාරි 2015
දෙසැම්බර් 2014
නොවැම්බර් 2014
සැප්තැම්බර් 2014
අගෝස්තු 2014
ජූනි 2014
ජනවාරි 2014
දෙසැම්බර් 2013
නොවැම්බර් 2013
අගෝස්තු 2013
ජූලි 2013
මැයි 2013
මාර්තු 2013
ජනවාරි 2013
දෙසැම්බර් 2012
නොවැම්බර් 2012
ඔක්තෝබර් 2012
සැප්තැම්බර් 2012
ජූලි 2012
මැයි 2012
අප්‍රේල් 2012
මාර්තු 2012
පෙබරවාරි 2012
ජනවාරි 2012
දෙසැම්බර් 2011
නොවැම්බර් 2011
ඔක්තෝබර් 2011
සැප්තැම්බර් 2011
අගෝස්තු 2011
ජූලි 2011
ජූනි 2011
මැයි 2011
KOTTU
අටම්පහිය
https://atampahiya.blogspot.com/
අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය
සිංහල වියුණු එකතුව
Follow මගේ කොළය on WordPress.com
නවතම ප්‍රතිචාර
sandhakadapahana sin…
දුපතෙන් එළියට ගිය සිංහලයෙක්…
පිළිබඳ
ඩ්රැ
දුපතෙන් එළියට ගිය සිංහලයෙක්…
පිළිබඳ
Pra Jay
දුපතෙන් එළියට ගිය සිංහලයෙක්…
පිළිබඳ
Sarath Perera
බර සැහැල්ලුව හා ජාතීන්
පිළිබඳ
lalith
ඥානම්මලා ගැන මගේ සත දෙක
පිළිබඳ
Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here:
Cookie Policy
පසුහඹන්න
Following
මගේ කොළය
Sign me up
Already have a WordPress.com account?
Log in now.
මගේ කොළය
ස්වකීයකරණය
පසුහඹන්න
Following
ලියාපදිංචි වන්න
පිවිසුම
Report this content
View site in Reader
Manage subscriptions
Collapse this bar
Loading Comments...
Write a Comment...
ඊමේල්
නම
වෙබ් අඩවිය
%d
bloggers like this: