ප්‍රභාකරන් කීවා සේ සිංහලයාගේ මතකය සති කිහිපයකට සීමා වී ඇත.
අප ඉතිහාසයේ අදුරු පැල්ලම් සේ ඇති විවිධ ජන වාර්ගික කෝළාහල වලට තුඩුදුන් හේතුන් අපට මතකද?
යම් ජන කොට්ඨාශයක ආගමික හෝ අභිචාර ඇදහිලි,විශ්වාස,පුද පූජා,ප්‍රතිමා,ආගමික සංකේත,පුද බිම්,පෙරහැර හා ප්‍රදක්ෂණා ඒ ජනතාවගේ ඉතා සංවේදී කාරණා බව වටහා ගැනීමට සමාජ විද්‍යාව ඉගෙන ගෙන තිබිය යුතුම නැත.මෙම සංවේදී ස්ථානයන්හි කෙවිට කර ලැබූ ඉතා අමිහිරි අත්දැකීම් කන්දක් තරමේ ගොන්නක් අප සතුව ඇත.
එපමණකින් නොව තවමත් අළු යට ගිනි සේ පවතින දෙමල ජාතික ගැටළුව උග්‍ර කරලීමට මෙවැනි කාරණා කොතරම් හේතු භූත වූවාදැයි මතකයේ ඇත්තේ කාගේ ද?
දුටුගැමුණු පරපුරේ යැයි කියා ගන්නා මහජන සබදතා ඇමතිවරයා අන්‍ය ආගමික සිද්ධස්ථානයකට කඩා වැදී එළුවන්,කුකුළුන් පැහැර ගන්නා විට (ඇතැමුන් මේ ක්‍රියාවට නිදහස් කර ගැනීම යන ක්‍රියා පදය යොදන මුත් ,ඇමතිවරයාට ඒ සදහා බලය පැවරුනේ කෙසේ ද?) ඇතැම් මහජාතිකයෝ බුද්ධාලම්භන ප්‍රීතියකින් හා ජාතිකත්ව ප්‍රහර්ෂයකින් ඇළලී යති.එපමණක් නොව මහා සංඝරත්නය ඔහුට සෙත් පතා දහස් ගණන් බෝධි පැවැත්වීමට යුහුසුළු වෙති, පිරිත් නූල් බදිති.”මර්වින් හොද වැඩත් කරයි !”
නමුත් මෙම කරුණු කාරණා අන්‍ය ජාතිකයාට කෙසේ බලපානු ඇත්ද හෝ ඔහුට එය කෙසේ පෙනේ දැයි යන්න ගැන සැලකිලිමත් වන කෙනෙක් හෝ නැති වීම මේ රටේ අවාසනාවකි.
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...